නිලූකට හා දිනූකට චීන බැඩ්මින්ටන් නැතිවුණේ ඇයි ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 17, 2015

නිලූකට හා දිනූකට චීන බැඩ්මින්ටන් නැතිවුණේ ඇයි ?

චීනයේ මේදිනවල පැවැත්වෙන සුදීර්මන් කුසලාන (Sudirman Cup) බැඩ්මින්ටන් තරගාවලියට සහභාගිවීමට තිබූ අවස්ථාව නිලූක කරුණාරත්න හා දිලූක කරුණාරත්න යන සොයුරන්ට අහිමිවී ගොස් තිබේ.

ඒ ඔවුන් අදාල තරගාවලියට සහභාගි කිරීමට පැවැත්වෙන තෝරාගැනීම තරග සදහා සහභාගි නොවීම නිසාය. මොවුන්ට තේරීම් තරග සදහා සහභාගිවන ලෙස බැඩ්මින්ටන් සංගමය දන්වා තිබුණද, ඔවුන් තමන්ට වඩා දක්ෂයන් නොවන බව පවසමින් එම තරගවලට ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඔවුන් අදාල තරගාවලිය මග හැරීමට කටයුතු කරනු ලැබුවේ රුසියාවේ පැවැත්වෙන බැඩ්මින්ටන් තරගාවලියකට සහභාගිවීමට බවට ද බැඩ්මින්ටන් කේෂත්‍රයෙන් ලැබෙන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කෙසේවුවද කරුණාරත්න සොයුරන් තමන්ව අදාල චීන තරගාවලියට සහභාගිකරවන ලෙස ඉල්ලමින් ක්‍රීඩා අධ්‍යක්ෂවරයාට හා ක්‍රීඩා ඇමතිවරයාට පැමිණිලි කර ඇති බවද පැවසේ.

No comments:

Post a Comment

Post Bottom Ad