ජාතික ගීය දෙමළෙන් ගැයුවාට දඬුවම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 17, 2015

ජාතික ගීය දෙමළෙන් ගැයුවාට දඬුවම්

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ පැවැත්වුන උත්සවයක් අතරවාරයේ සිංහල සිසුන්ගේ පහර දීමකට ලක් වූ චෙංගලඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියකු රෝහල් ගත කිරීමට සිදු වූ බවක් වාර්තා වෙයි.

එම පහර දීමට හේතුව හැටියට දැක්වෙන්නේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කරනු ලැබීමයි. සරසවියේ සංවිධානය කොට තිබුණ උත්සවයක අවසන් දිනය වන අද (16) අද ජාතික ගීය දෙමළ භාෂාවෙන් වාදනය කරන ලද බව පහර දීමට ගොදුරු වූ පත්තුකුට්ට්යි සුමන් නම් නිලධාරියා පවසයි

ප්‍රහාරයට හේතුව හැටියට නිලධාරියා දක්වන්නේ එම කාරණයයි. චෙංගලඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විද්‍යා හා තාක්ෂණික අංශයේ ප්‍රදර්ශනයක් පසුගිය බ්‍රහස්පතින්දා පටන් නැගෙනහිර විශ්ව විද්‍යාලයේ දින තුනක් තිස්සේ පැවැත්වුන බව වාර්තාවේ.

ඊයේ එම ප්‍රදර්ශනයේ තුන්වැනි දිනය වූ අතර එහිදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් වාදනය කිරීම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන් පිරිසක් එරෙහි වීමත් සමගම සිංහල හා දෙමළ සිසුන් අතර විවාදයක් ආරම්භ වූ බව පත්තුකුට්ට්යි සුමන් නම් නිලධාරියා පවසයි.

ඉන් අනතුරුව ජාතික ගීය සිංහල භාෂාවෙන් වාදනය කළ බවත් ඔහු පවසයි.

''එම සිද්ධියෙන් පසුව මමත් චෙංගලඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තවත් නිලධාරීන් තිදෙනෙකුත් පහළට බැහැල එන කොට සිංහල සිසුන් පිරිසක් පිටුපසින් ඇවිත් අපට පහර දුන්නා. අනිත් තුන් දෙනා දිව්වා. මම ශිෂ්‍යයන්ට හසු වුනා''පත්තුකුට්ට්යි සුමන් නිලධාරියා පවසයි.

ප්‍රහාරය සම්බන්ධයෙන් එරාවුර් පොලිසියට පැමිණිලි කර ඇති බව කියා සිටින පත්තුකුට්ට්යි සුමන්, ප්‍රහාරයට හවුල් වූ අයගෙන් එක් අයකු තමාට හඳුනා ගත හැකි බවත් කියා සිටියි.

(සංදේශය)

No comments:

Post a Comment

Post Bottom Ad