අමාත්‍ය ධූර ලබා ගනිමින් වත්මන් ආණ්ඩුවට සම්බන්ධ වී සිටින අමාත්‍යවරුන් පහළොස් දෙනෙකු ඓතිහාසික තීරණයකට එළඹීමට සූදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ටී.බී ඒකනායක මහතා පවසයි.
දේශපාලන වශයෙන් නිර්මාණය වී ඇති තත්වයන් සහ ජනමතය පිළිබඳ සැළකිලිමත් වෙමින් ඔවුන් මෙවැනි තීරණයකට පැමිණ ඇති බව, 'වී එෆ්.එම්.' ගුවන් විදුලිය සමග දුරකථන සංවාදයකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ටී.බී ඒකනායක මහතා සඳහන් කළේය.
ඇමති ධුර දරණ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් දස දෙනෙකු පමණ අමාත්‍ය ධූරවලින් ඉවත් වීමට තීරණය කර ඇති බව පසුගිය දිනවල ඇතැම් මාධ්‍ය විසින්ද වාර්තා කර තිබිණ.
පළාත් පාලන ආයතන කොමසාරිස් පාලනයකට නතු කිරීමේ තීරණයට එරෙහිව ඔවුන් මෙවැනි කි‍්‍රයාමාර්ගයකට අනුගත වීමට සූදානමින් සිටින බව එම වාර්තාවල සඳහන් විය.
කෙසේ වෙතත් ටී.බී ඒකනායක මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කළේ සමස්ත දේශපාලන කි‍්‍රයාවලිය නිසි ලෙස අධ්‍යයනය කිරීමකින් පසු අදාළ අමාත්‍යවරුන් මෙවැනි තීරණයකට එළඹ ඇති බවයි.
අමාත්‍ය ධූර වලින් ඉවත් වීමේ යම් තීරණයකට එළඹෙන්නේදැයි නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා ගෙන් කල විමසීමකදී ඔහු කියා සිටියේ, පක්ෂයේ මධ්‍යම කාරක සභාව එවැනි තීරණයකට එළඹෙන්නේනම් අමාත්‍ය ධූරවලින් ඉවත් වීමට සූදානම් බවයි.
අකමැත්තෙන් ගත්ත දෙයක් :
මේ අතර, ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසන්නේ, වත්මන් ආණ්ඩුවේ ඇමතිකම් ලබාගැනීම සතුටින් කළ දෙයක් නොවන බවයි.
ඔහු මේ බව කියා සිටියේ අස්ගිරි පාර්ශවයේ අභිනව මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී මහානාහිමියන් මහනුවරදී ඊයේ (16) බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
විපක්ෂයේ සිට කටයුතු කිරීමට වැඩි කැමැත්තෙන් පසුවුවත්, ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත අමාත්‍ය ධුරය ලබාගත් බව ඔහු සඳහන් කළේය.
Sunday, May 17, 2015
ශ්‍රීලනිප ඇමතිවරු තනතුරු අතහැරීමේ සුදානමක !
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment