විදේශ ශ්‍රමිකයින්ගේ වැටුප් වැඩිවෙන ලකුණු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 17, 2015

විදේශ ශ්‍රමිකයින්ගේ වැටුප් වැඩිවෙන ලකුණු

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ අවම වැටුප ඉහළ නංවන ලෙස ශ්‍රී ලංකා රජය විදෙස්  රටවලින් ඉල්ලිමක් කිරිමට තිරණය කර ඇතැයි වාර්තා වේ. 

කඩිනමින් අදාළ ඉල්ලිම අනෙකුත් රටවල් වෙත යොමු කිරිමට බලාපොරොත්තු වන බවත් ජීවන වියදම ඉහළ යාමත් සමඟ පවතින අවම වැටුප ප්‍රමාණවත් නොවන බවත් විදේශ රැකියා හා ප්‍රවර්ධන අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.

සෞදි තනාපතිවරයා පසුගියදා හමුවු අවස්ථාවේදීද අමාත්‍යවරිය විදෙස් ගත ශ්‍රමිකයන්ගේ අවම වැටුප ඉහළ නැංවිම කෙරෙහි අවධානය යොමු කර තිබුණි.

සෞදි අරාබියේ විදෙස්ගත ශ්‍රමිකයෙකුගේ අවම වැටුප සෞදි රියාල් 900ක් වන අතර ඩුබායිහි අවම වැටුප ඩිරාම් 825කි.
එසේම කටාර් රාජ්‍යයේ  අවම වැටුප කටාර් රියාල් 800ක් සහ කුවේටයේ   විදෙස්ගත ශ්‍රමිකයෙකුගේ අවම වැටුප ඩිනාර් 70කි.

තවද සිංගප්පුරුවේ සිංගප්පුරු ඩොලර් 400ක්, ඊශ්‍රායලයේ අමෙරිකානු ඩොලර් 1000ක්, ජෝර්දානයේ ඩිනාර් 250ක්, ඕමානයේ රියාල් 85ක්, ලෙබනනයේ අමෙරිකානු ඩොලර් 200ක් සහ බහරේනයේ ඩිනාර් 85ක් වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad