ටයිටැනික් කෙල්ලට දැන් වයස 40 ක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 27, 2015

ටයිටැනික් කෙල්ලට දැන් වයස 40 ක්

ගිය සතියේ තමන්ගේ 40 වැනි උපන් දිනය සැමරූ සුපිරි නිළියක් තමයි, මේ ඡායාරූපයේ සිටින්නේ. ඇය, කේට් වින්ස්ලට්. 

ජිවිතයේ හතර වැනි දශකයට එළැඹ සිටිය ද ඇය වෙතින් තවමත් දිස්වන්නේ මීට වසර ගණනකට පෙර ‘ටයිටැනික්’ චිත්‍රපටයේ නිරූපණය කළ පෙම්වතියගේ රූප සෝභාව නොවේයැයි කිසිවකුට කියන්නට බැහැ.

මේ වන විට දරුවන් තිදෙනකුගේ මවක වන කේට්, පසුගියදා ලන්ඩනයේ පැවැති එක්තරා සමාජ සත්කාරක කාර්යයකට සහභාගි වුණා. ඒ, දුප්පත් ජනයාට නිවාස ලබාදීම වෙනුවෙන් අරමුදල් රැස් කිරීමේ වැඩ සටහනකටයි.

මේ නිමිත්තෙන් පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයට ඇය එක්වුණේ රතු පැහැති දිග ගවුමක් හැඳගෙනයි. ඒ ඇඳුම නිසා ඇගේ රූසිරිය තව තවත් මතුවී පෙනුණා. අවට රැස්වී සිටි කැමරා ශිල්පීන් තරගයට මෙන් ඇගේ ඡායාරූප ගත්තා.

මේ අතර කේට් සහභාගි වන අලුත්ම රූපවාහිනී වැඩ සටහනක් ගැන ද ආරංචියක් ලැබුණා. සුප්‍රකට එන්. බී. ඩී. රූපවාහිනී චැනලය මෙහෙයවන ‘රනින් වයිල්ඩ්’ නම්වූ රියැලිටි රූපවාහිනී වැඩසටහන් මාලාවේ අලුත්ම කොටස් කීපයකටයි ඇගේ දායකත්වය හිමිවන්නේ.

Kate 02 Kate_Winslet_-Titanic-2 Kate-Winslet-hot-HD-pics kate-winslet_1106846c

No comments:

Post a Comment

Post Bottom Ad