කහ ඉරේදී සිසුවිය හප්පගෙන ගිය ත්‍රීරෝද රථ අනතුර (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 27, 2015

කහ ඉරේදී සිසුවිය හප්පගෙන ගිය ත්‍රීරෝද රථ අනතුර (VIDEO)

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කැළණිය - දළුගම ටයර් හංදිය අසළ පිහිටි මෙම පදික මාරුවේදී අවාසනාවන්ත අනතුරක් සිදු විය. 

මෙම පදික මාරුවේදී සිසුවියක් පාර මාරුවෙමින් සිටියදී සහ පදික මාරුවට පිටු පසින් වාහන නවතා තිබියදි ඊටත් පිටුපසින් වේගයෙන් පැමිණි ත්‍රීරෝද රථයක් පදික මාරුව හරහා ධාවනය වන්නේ පාර මාරුවෙමින් සිටි සිසුවියද අනතුරට ලක් කරමින්. 

ඒ මාර්ගයේ ගමන් කළ අයෙකු පවා ත්‍රිරෝද රථයට ලබාදෙන සංඥා නොතකමින් ධාවනය වීම හේතුවෙනි. මෙම අවාසනාවන්ත සිද්ධියෙන් පසු ත්‍රිරෝද රථය පළා යන අතර යතුරුපැදිකරුවෙකු ඔහු ලුහුබඳින්නට උත්සහ ගනී.අනතුරුව කන්ටේනර් රථයේ රියදුරා විසින් අනතුර සිදු කළ ත්‍රිරෝද රථයේ අංකය එතැන සිටි පිරිසට ලබා දීමෙන් පසු පොලීසිය විමර්ශන අරඹා තිබුණි.

පසුව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ ත්‍රීරෝද රථයේ රියදුරු නීතිඥයෙකු මාර්ගයෙන් පොලීසියට බාර වී ඇති බවය. ඒ අනුව මේ වන විට ත්‍රිරෝද රථය ද පොලිස් බාරයට පත් ව තිබේ.

කැළණිය දළුගම වේවැල්දූව ප්‍රදේශයේ පදිංචි මෙම අනතුරට ලක් වූ 7 වැනි වසරේ ඉගෙනුම ලබන සංසලා දිව්‍යාංජලී පාසල් සිසුවිය පසුව රෝහල් ගත කර තිබුණත් ඇයගේ වාසනාවකට අනතුරින් ඇයට බරපතල හානි සිදුව නොමැති බව පැවසේ.

(වීඩියෝව පහතින් නරඹන්න..)


කැළණිය පාසල් සිසුවිය අනතුරට ලක් කරමින් පැන ගිය ත්‍රීරෝද රථය කාගේද?
Posted by News Album on Tuesday, 26 May 2015

No comments:

Post a Comment

Post Bottom Ad