'රනිල් එක්ක 4වතාවක් සාකච්ඡා කළා' - පිල් මාරුව ගැන කෙහෙළිය හෙළි කරයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 29, 2015

'රනිල් එක්ක 4වතාවක් සාකච්ඡා කළා' - පිල් මාරුව ගැන කෙහෙළිය හෙළි කරයි (VIDEO)

එක්සත් ජාතික පක්ෂය සමඟ 3 වතාවක් නොවෙයි 4 වතාවක් තමා රනිල් අගමැතිතුමා හමුවූ බවත් දෙදෙනෙකු කරන සාකච්ඡාවක් ප්‍රසිද්ධියේ සිදු කළ නොහැකි බවත් හිටපු අමාත්‍ය, එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ බීබීසි සන්දේශය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

“ආරාධනාවක් තිබුණා, ඒ සාකච්චාවල කතාවුනු දේවල් කිව්වොත් ඒක එජාපයට හරි නැහැ. ගිය පාර ආණ්ඩුව තිබුනේ අවුරුදු 2යි මේ පාර මාස 6ක් වත් යන්නේ නැහැ" යැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කවර කොන්දේසි යටතේ හෝ තමන්ව එජාපයට යළි ගන්නා ලෙසට කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා අවස්ථා 3කදී කල ඉල්ලීම ප්‍රතික්ෂේප කල බව එක්සත් ජාතික පක්ෂය පසුගියසා ප්‍රකාශ කළේය.

වීඩියෝ - බීබීසි සංදේශය

එම වීඩියෝව පහතින් නරඹන්න

No comments:

Post a Comment

Post Bottom Ad