ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට නව ඇමති ධූර හිමිවන ලකුණු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 29, 2015

ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට නව ඇමති ධූර හිමිවන ලකුණු

අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වූ ශ්‍රීලනිප අමාත්‍යවරුන් වෙනුවට වෙනත් ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අමාත්‍යවරුන් ලෙස අද (29) දිවුරුම්දීමට නියමිත බව වාර්තා වේ.

අප මේ පිළිබඳ ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී බණ්ඩාර මහතාගෙන් කළ විමසීමකදී පැවසූවේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දිවුරුම් දීමට නියමිත බවට වාර්තා වුවද තවම එවැනි දෙයක් සිදු නොවූ බවයි.

කෙසේ වෙතත් රජයේ ආරංචි මාර්ග පවසන්නේ චන්ද්‍රසිරි සූරියආරච්චි, හේමාල් ගුණසේකර ඇතුළු පිරිසක් අමාත්‍යවරුන් ලෙස දිවුරුම්දීමට නියමිත බවයි.

තමාට දිවුරුම්දීම සඳහා පැමිණෙන ලෙස ආරාධනා ලැබී ඇති මුත් ලැබෙනා අමාත්‍ය පදවිය කුමක්ද යන්න පිළිබඳ නොදන්නා බව ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී හේමාල් ගුණසේකර මහතා ප්‍රකාශ කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad