සජිත්ට එරෙහි පැමිණිල්ලක් FCID වෙත යොමු කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 29, 2015

සජිත්ට එරෙහි පැමිණිල්ලක් FCID වෙත යොමු කරයි

සමෘද්ධිය සතු මුදල් දේශපාලන හිතුවතුන්ට බෙදාදීමේ චෝදනා මත නිවාස හා සමෘද්ධි අමාත්‍ය  සජිත් ප්‍රේමදාස මහතාට එරෙහි පැමිණිලි 04 ක් ඉදිරිපත් කර තිබේ.
සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂි පර්යේෂණ නිළධාරින්ගේ සංගමය අදාළ පැමිණිලි ඊයේ ඉදිරිපත් කර ඇත්තේ මානව හිමිකම් කොමිසම හමුවේදීය.
සමෘද්ධි ව්‍යාපාරය විනාශ කිරිම, සමෘද්ධි නිලධාරින් අර්ථසාධක නොගෙවීම, නව සේවකයන්ට පාරිතෝෂික මුදල් ලබා නොදීම සහ පොරොන්දු වු පරිදි යතුරුපැදි ලබානොදීම පිළිබදව ද අදාළ පැමිණිලිවල දක්වා ඇති බව සඳහන්.


දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වෙත ගොස් මිට පෙර ඉදිරිපත් කර ඇති පැමිණිලි විභාග කරන ලෙස ඉල්ලිමක් ද මෙහිදී කර ඇති අතර එහි නිල‍ධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ අදාළ පැමිණිල්ල මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙත යොමුකර ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad