තවත් ශ්‍රීලනිප ඇමතිවරුන් පිරිසක් දිවුරුම්දෙයි   - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 29, 2015

තවත් ශ්‍රීලනිප ඇමතිවරුන් පිරිසක් දිවුරුම්දෙයි  


නව කැබිනට් අමාත්‍යවරයෙකු, නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකු අද(29) ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.
 
ඒ අනුව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ලෙසත්, පණ්ඩු බණ්ඩාරනායක මහතා රාජ්‍ය පරිපාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටිය මහතා දිවුරුම් දී ඇත. නිවාස හා සමෘද්ධි රාජ්‍ය අමාත්‍යවරයා ලෙස හේමාල් ගුණසේකර මහතාත්, ඉඩම් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස චන්ද්‍රසිරි සූරියආරච්චි මහතාත් අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad