හිටපු අගවිනිසුරු ‘සිල්වා’නොගැලපෙන වැඩ කරලා - මුදල් ඇමති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 29, 2015

හිටපු අගවිනිසුරු ‘සිල්වා’නොගැලපෙන වැඩ කරලා - මුදල් ඇමති

හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා විවිධ ස්ථාවරයන් ඉදිරිපත් කරමින් හිටපු අගවිනිසුරුවරයෙකුට නොගැලෙපන අයුරින් කටයුතු කරමින් සිටින බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.
කොළඹ අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ එදා හෙල්පින් හම්බන්තොට සිද්ධිය පිළිබඳ දැඩි ලෙස විවේචනය කළ හිටපු අගවිනිසුරුවරයා අද වනවිට එම ස්ථාවරයන් වෙනස් කර තිබීම පුදුම සහගත බවයි.

පසුගියදා කොළඹදී පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු ලෙස මුදල් අමාත්‍ය රවී කරුණායක මහතා මේ බව සඳහන් කළේය. එහිදී හිටපු අගවිනිසුරුවරයා විසින් යහපාලන ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාකලාපයන් විවේචනය කරමින් අදහස් පළ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad