ඔබාමාගේ දියණියට ආ අරුම පුදුම විවාහ යෝජනාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 29, 2015

ඔබාමාගේ දියණියට ආ අරුම පුදුම විවාහ යෝජනාව

යොවුන් දියණිවරුන් සිටින පියවරුන්ට එම දියණිවරුන්ගේ අත් පතා විවාහ යෝජනා ගලා ඒම සාමාන්‍ය දෙයක්. ඇමරිකාවේ ජනාධිපති  බැරැක් ඔබාමාටත් මීට දින කිහිපයකට පමණ පෙර එම අත්දැකීමට මුහුණ දීමට සිදු වුනා.

ඔහුගේ වැඩිමහල් දියණිය වන මාලියා ඔබාමාගේ අත පතමින් එම විවාහ යෝජනාව ඉදිරිපත් කර තිබුණේ කෙන්යානු ජාතික නීතීඥයෙක්. කෙසේ නමුත් කෙන්යානු චාරිත්‍රයට අනුව මාලියා වෙනුවෙන් ඔහු ඔබාමාට දීමට බලාපොරොත්තු වන දෑවැද්ද ද සඳහන් කරමින් ඉදිරිපත් වූ එම විවාහ යෝජනාව පිලිබඳ ප්‍රවෘත්තිය ලොව පුරා පැතිරයාමට ගත වූවේ සුළු මොහොතක්.

මාලියා වෙනුවෙන් එළදෙනුන් 50 ක්, බැටළුවන් 70 ක් හා එළුවන් 30 ක් දෑවැද්ද (bride money) ලෙස ඔබාමාට පිරිනැමීමට තමන් සූදානම් බව කෙන්යානු ජාතික තරුණ නීතීඥවරයා පවසා තිබුනා.

තමා මාලියාට ආදරය කිරීමට පටන් ගත්තේ 2008 වසරේදී සිට බවත් එතැන් පටන් කිසිම යුවතියක් ගැන සිතීමට තමන් නොපෙලඹුණේ ඇය කෙරෙහි තිබූ ප්‍රේමයට අවංක වීමට තමාට වුවමනා වූ නිසා බවත් ඔහු පැවසුවා.

තමාගේ යෝජනාවට ඔබාමාගේ අවසරය ලැබෙන්නේ නම් තමාගේ හා මාලියාගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය පැවැත්වීමට ඔහු සැලසුම් කර ඇත්තේ කෙසේද යන්නත් එම කෙන්යානු තරුණයා ඔබාමා වෙත යැවූ ලිපියේ  සඳහන් කර තිබුනා. ඔහුගේ වචනවලින්ම කියනවානම් ඒ මෙසේයි,

“I will not resort to the cliché of popping champagne. Instead, I will surprise her with mursik, the traditional Kalenjin sour milk. As an indication that she is my queen, I will tie sinendet, which is a sacred plant, around her head. I will propose to her on a popular hill in Bureti near my father’s land, where leaders and warriors are usually crowned. The place is called Kapkatet, which means ‘victory.’Ours will be a simple life. I will teach Malia how to milk a cow, cook ugali and prepare mursik like any other Kalenjin woman.”

මෙම අපූරු ලිපියට ඔබාමාගෙන් තවම ප්‍රතිචාරයක් ලැබී නොමැති බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබුනා.








No comments:

Post a Comment

Post Bottom Ad