ඉස්ලාම් උත්සව දෙදින තුළ නිව්යෝක් පාසල් නිවාඩුයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 6, 2015

ඉස්ලාම් උත්සව දෙදින තුළ නිව්යෝක් පාසල් නිවාඩුයි

ඉස්ලාම් ආගමික උත්සව දින දෙකක් සඳහා නිව්යෝක් නගරයේ පාසල්වලට නිවාඩු දීමට නගරාධිපති බිල් ඩි බ්ලේසියෝ තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඊද් අල් ෆිට්ර් සහ ඊද් අල් ආදා ආගමික උත්සව දින 2 අධ්‍යයන නිවාඩු දින දර්ශනයට මේ වසරේ සිට එකතු කරන බව ඔහු පවසා තිබේ.
ඩි බ්ලේසියෝ පවසා ඇත්තේ මෙය නිව්යෝක් නගරයේ විවිධත්වයට ගරුකරන වෙනසක් බවයි.

මෙය ඔහු විසින් මැතිවරණයේදී ලබාදුන් පොරොන්දුවක් ඉටුකිරීමක් බවද පැවසේ.  ඊද් අල් ෆිට්ර් හෙවත් රාමසාන් උත්සව දිනය රාමදාන් දින සිට තෙදිනක් තුළ උදාවෙන අතර මාසයක කාලයක් පුරා දිවා කාලයේ උපවාසය අවසන් කිරීම එදිනට යෙදී තිබේ.

ඊද් අල් ආදා හෙවත් හජ්ජි උත්සවය මක්කම වන්දනා සමය ඇරඹීම සනිටුහන් කරමින් සැමරේ.  පසුගිය වසරේ හජ්ජි උත්සව දිනය පාසල් දිනයක් තුළ වැටී තිබීම සමග 36%ක් සිසුන් පාසල් නොපැමිණි බව නිලධාරීන් විසින් වාර්තා කිරීමෙන් පැය 4කට පසු නගරාධිපතිවරයා සමග පාසල් චාන්ස්ලර් කාර්මන් ෆරීනා නව නිවාඩු දින ප‍්‍රකාශයට පත්කිරීම සිදුකර ඇත.

නිව්යෝක් නගරය තුළ මුස්ලිම් ජනතාව ලක්‍ෂ 6-10 අතර ප‍්‍රමාණයක් ජීවත් වෙතැයි පැවසෙන අතර මුස්ලිම් දරුවන්ගෙන් 95%ක්ම 2008 වසරේදී පොදු පාසල් වලට ඇතුළත්වූ බව ගණන් බලා තිබේ.

එය මුළු පාසල් සිසුන් සංඛ්‍යාවෙන් 10%ක් පමණ වෙතැයි පැවසේ.  මුස්ලිම් නායකයින් හා නගර බලධාරීන් ඩි බ්ලේසියෝගේ තීරණය පිළිබඳව සතුට පළකළ බවද වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad