ප‍්‍රසන්නට එරෙහිව යහපාලන ඇමතිවරු අවි අමෝරති. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 6, 2015

ප‍්‍රසන්නට එරෙහිව යහපාලන ඇමතිවරු අවි අමෝරති.

බස්නාහිර පළාත් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා පක්‍ෂයෙන් නෙරපිය යුතු යැයි ශී‍්‍ර.ල.නි.ප සභාපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (05) පැවැති ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී යෝජනා කර තිබේ. 

මධ්‍යම කාරක සභාවේදී මහනුවර රැස්වීමට සහභාගී වීම අත්හිටුවමින් අනුර පි‍්‍රයදර්ශන යාපා ලේකම්වරයා නිකුත් කළ නියෝගය ප‍්‍රශ්න කරමින් ප‍්‍රසන්න රණතුංග මහතා ඔහු වෙත යැවූ ලිපිය කියවා තිබේ. 

ලිපිය කියවා අවසන් කළ අනුර යාපා මහතා

‘මේ යෝධයා මේක මට එවලා පත්තර වලටත් යවලා’ යැයි පවසා ඇත.
‘ප‍්‍රසන්න දගලනවා වැඩියි. මේක තනිකරම පක්‍ෂයේ මධ්‍යම කාරක සභා තීරණය අභියෝගයට ලක් කීරීමක්. වහාම ඔහුව ඉවත් කරන්න  ඕනේ’ යැයි මෙහිදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන සදහන් කර ඇත. 

ඊට සහය පල කරමින් කතා කළ ඇමති රාජිත සේනාරත්න සදහන් කර ඇත්තේ රණතුංග මහතා මහ ඇමති ධූරයෙන් වහා ඉවත් කළ යුතු බවයි.
‘මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා යලි අගමැති කිරීමට කාටවත් නැති රුදාවක් ඇත්තේ ප‍්‍රසන්නටයි. 

ප‍්‍රසන්නව මහ අමතිකමින් අයින් කළා නම් මේ ඔක්කොම ප‍්‍රශ්න ඉවරයි. එතකොට ඔය ප‍්‍රසන්න වටේ ඉන්න එවුන් අපි ගාවට ඒවී’ යැයිද රාජිත සේනාරත්න ඇමතිවරයා සදහන් කර ඇත.

එම්.කේ.ඞී.එස් ගුණවර්ධන, දුමින්ද දිසානායක යන අමාත්‍යවරුද රණතුංග මහතා පක්‍ෂයෙන් ඉවත් කළ යුතු යැයි දිගින් දිගටම පවසා ඇත. මේ නිසා මධ්‍යම කාරක සභාව තුළ උණූසුම් තත්වයක් මතු වූ බවද ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ ආරංචි මාර්ග පවසයි. 

මධ්‍යම කාරක සභාව නියෝජනය කරන යහපාලන ඇමතිවරුන් තිදෙනාට අමතරව රණතුංග මහතාට එරෙහිව අදහස් දක්වා ඇත්තේ එස්.බී දිසානායක සහ ලලිත් දිසානායක යන මන්තී‍්‍රවරුන් පමණයි.

එහිදී නැගී සිටි කුමාර වෙල්ගම මහතා පක්‍ෂ මහ ලේකම්වරයාට පක්‍ෂයේ තීරණයක් සම්බන්ධයෙන් ලිපියක් එවීම විනය විරෝධී දැයි විමසා ඇත.
‘පක්‍ෂයේ තීන්දුවක් ගැන ප‍්‍රශ්න කිරීමට තරම් දැන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැද්ද ? මෙහෙම ගියොත් අපිට අදහස් පල කරන්න වෙන්නේ කොහෙද ? යැයි වෙල්ගම මහතා ප‍්‍රශ්න කර තිබේ.

ඊට එරෙහිව අදහස් පල කළ දුමින්ද දිසානායක ඇමතිවරයා සදහන් කර ඇත්තේ ප‍්‍රසන්න රණතුංග මහතාට එරෙහිව මේ අවස්ථාවේදී කිසියම් කි‍්‍රයාමාර්ගයක් නොගත හොත් මෛතී‍්‍රපාල සිරිසේන මහතා කොන්ද පණ නැති නායකයෙකු ලෙස පාක්ෂිකයන් සලකනු ඇති බවයි. 

එහිදී නැගී සිටි පාර්ලිමේන්තු මන්තී‍්‍ර සරත් වීරසේකර මහතා පවසා ඇත්තේ රණතුංග මහතා මේ මොහොතේ මතු කරන්නේ ගම්මට්මමේ ශී‍්‍ර ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ මතය බවයි.

‘මධ්‍යම කාරක සභාවේදී ගනු ලබන තීරණ සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය පිළිබදව පාක්ෂිකයන් තුළ බරපතල විරෝධයක් තියෙනවා. ප‍්‍රසන්න අරගෙන තියෙන්නේ ඒ අයගේ පැත්ත. ඔහුට එරෙහිව පියවරක් ගත්තොත් පක්‍ෂය දෙකඩ වේවි’ යැයි වීරසේකර මහතා සදහන් කර තිබේ.

තව දුරටත් අදහස් දැක්වූ වීරසේකර මහතා ප‍්‍රසන්න රණතුංග මහතාට එරෙහිව පියවරක් ගත හොත් අද නුවර පැවැත්වෙන රැස්වීමට සහභාගී වන පාක්ෂිකයන්ට එරෙහිවද පියවර ගැනීමට සිදු වන බව පෙන්වා දී තිබේ. මෙය පක්‍ෂය දෙකඩ කිරීමට හේතු විය හැකි බැවින් එවැනි තත්වයකට පත් නොවන ලෙස මෙතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. 

ඒ අනුව මදක් කල්පනා කළ සිරිසේන මහතා අනුර පි‍්‍රයදර්ශන යාපා මහතාට උපදෙස් දී  ඇත්තේ රණතුංග මහතාගේ ලද බොළද වැඩ වලට අනුකම්පා කර විනය කි‍්‍රයා මාර්ග නොගන්නා බව රණතුංග මහතාට දැනුම් දීමට කටයුතු කරන ලෙසයි.

– ප‍්‍රදීප් අනුර කුමාර

No comments:

Post a Comment

Post Bottom Ad