'අර්ජුන තර්ජනය කළ කතා බොරු' - අනුර කුමාර හෙළි කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 5, 2015

'අර්ජුන තර්ජනය කළ කතා බොරු' - අනුර කුමාර හෙළි කරයි

ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතාට එරෙහිව ජවිපෙ ඉදිරිපත් කළ අල්ලස් පැමිණිල්ල සම්බන්ධයෙන් වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා තමන්ට තර්ජනය කර ඇතැයි පළ වන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

එවැනි සිද්ධියක් සිදු නොවූ අතර එය අසත්‍ය ප්‍රචාරයක් බව ද අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය. 

කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ විසින් සිය සහෝදරයා වන ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතාට එරෙහිව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කිරීම සම්බන්ධයෙන් වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාට තර්ජනය කර ඇති බවට පසුගියදා මාධ්‍ය වාර්තා පළවිය. 

අර්ජුන රණතුංග මහතා දුරකථන ඇමතුමක් ලබාදෙමින් අනුර කුමාර දිසානායක මහතාට පවසා ඇත්තේ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කිරීමට තම සහෝදරයාට එරෙහිව සාක්ෂි ඇත්දැයි යන්නත්, එසේම බොරුවැඩ නොකරන ලෙසද ඔහුට දන්වා ඇති බවත් වාර්තා විය.

(ප්‍රභාත් මාතරගේ)
asianmirror

No comments:

Post a Comment

Post Bottom Ad