ඉකුත් ජනාධිපතිවරණ ඡන්ද විමසූ දිනය හා ඊට පසුදා (9) අලුයමත් ත්‍රිවිධ හමුදාව අනවශ්‍ය ආකාරයෙන් රට පුරා ස්ථානගත කිරීම මගින් මහජන ආරක්ෂක පනතට පටහැනිව කටයුතු කිරීමෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙරට ජනතාවගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
පෙරටුගාමී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක වූ දුමින්ද නාගමුව විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ත්‍රිවිධ හමුදාපතිවරුන්, මැතිවරණ කොමසාරිස්වරයා, පොලිස්පතිවරයා ඇතුළු 7 දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කොට ඇත.
සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරයාට ත්‍රිවිධ හමුදාව ස්ථානගත කළ හැක්කේ මහජනතාවට පීඩාවන තත්ත්වයක් උද්ගත වී ඇත්නම් හෝ එවැනි තත්ත්වයක් පාලනය කිරීමට පොලිසියට නොහැකිනම් පමණී.
එහෙත් ජනාධිපතිවරණ සමයේ හෝ 9දා අලුයම එවැනි තත්ත්වයක් නැත. එසේ තිබිය දී ත්‍රිවිධ හමුදාව අනවශ්‍ය ලෙස ස්ථාන ගත කිරීමෙන් හිටපු ජනාධිපතිවරයා මහජන ආරක්ෂාවට පටහැනිව කටයුතු කර ඇතැයි පෙත්සමේ සඳහන් වේ. එබැවින් මේ පෙත්සම විභාගයට ගන්නා ලෙසත් අධිකරණයට අභිමත නියෝගයක් දෙන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා ඇත.
දිනමිණ ඇසුරෙනි
Tuesday, February 3, 2015
මූලික අයිතීන් කඩ කළැයි හිටපු ජනපතිට එරෙහි පැමිණිල්ලක්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment