2010 පාර්ලිමේන්තු මැතිවරණ මනාප ගැනීමේ දී ගම්පහ සිසිර ජයකොඩිට අසාධාරණයක් වුණාලු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 2, 2015

2010 පාර්ලිමේන්තු මැතිවරණ මනාප ගැනීමේ දී ගම්පහ සිසිර ජයකොඩිට අසාධාරණයක් වුණාලු

2010 අප්‍රේල් 08 වෙනි දින පවත්වන ලද පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අංක 07 යටතේ අපේක්ෂකයකු ලෙස තරග කළ තමාට බලවත් වරදක් හා අසාධාරණයක් සිදුවු බව ඊයේ (02) පැවැති බස්නාහිර පළාත් සභා රැස්වීමේ දී කියා සිටි පළාත් සභා මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා ඉතා හදිසි ලෙස සැලකිල්ලට ගෙන මෙම වැරදි හා වංචනික ප්‍රතිඵලය නිවැරදි කිරීමට වහාම මැදිහත් වන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියේය.

මැතිවරණ කොමසාරිස්වරයා වෙත තමන් විසින් යවන ලද ලිපියක්ද සභාගත කිරීමට ජයකොඩි මහතා ක්‍රියා කෙළේය.

එම ලිපියේ මෙසේ ද සඳහන් වෙයි.

මා වෙත ලබාදී ඇතැයි සඳහන් කර ඇති මනාප සංඛ්‍යාව හානියක් වන අයුරින් සත්‍ය සංඛ්‍යාවන් විශාල වෙනසකට භාජනය කර ඇත. එහෙයින් මා වෙත ලැබී ඇති 13 වන ස්ථානය පිළිගත නොහැකි බවත්, ඒ වෙනුවට මා වෙත ලැබී ඇතැයි ප්‍රකාශ කරන ලද මනාප සංඛ්‍යාව පිළිබඳ කරුණු සොයා බැලීමේ දී ඔබතුමාට මෙම කරුණ හෙළිදරව් වනු ඇත.

මේ මැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගරු මන්ත්‍රීවරු 12 දෙනෙකු පත්වන ලදී. ‍එම අපේක්ෂක ලැයිස්තුවේ 12 වන ස්ථානයට තේරීපත් වූ සරත් ගුණරත්න මහතා මනාප 46040ක් ලබා ගත් බව ප්‍රකාශ වූ අතර, ඊට වඩා මාහට මනාප ලැබී තිබියදීත් ලැබුණු මනාප ප්‍රතිඵල ලේඛනයේ මාගේ මනාප 43905ක් ලෙස වෙනස් කොට ඇත.

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල මා නියෝජනය කරමින් සිටි නියෝජිතයන් හට මරණීය තර්ජන එල්ල කරමින් ඒ අයව කලින්ම එම ස්ථානයෙන් හා ගම්පහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන භූමියෙන් පිට කරන ලදී. එහෙයින් ජීවිත ආරක්ෂාව සඳහා පිටව යාමට ඔවුනට සිදුවන ලදී. මීට එරෙහිව කිසිවෙකුගේ හව්හරණක් නොලැබිණි.

මැද කොළඹ සමූහ
වයිමන් හෙට්ටිආරච්චි
දිනමිණ ඇසුරෙනි

No comments:

Post a Comment

Post Bottom Ad