ඉස්ලාමික රාජ්‍යය ජපාන මාධ්‍යවේදියාගේ හිස ගසා දමයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 1, 2015

ඉස්ලාමික රාජ්‍යය ජපාන මාධ්‍යවේදියාගේ හිස ගසා දමයි

ඉස්ලාමික රාජ්‍ය ත‍්‍රස්තවාදීන්ගේ අත්අඩංගුවට පත් ජපාන මාධ්‍යවේදී කෙන්ජි ගොටෝගේ හිස ගසා දමා ඇතැයි වාර්තා වේ.  ඔහු නිදහස් කරගැනීම සඳහා ජපාන රජය විසින් දැරූ උත්සහය අසාර්ථක වීමෙන් පසු මේ පුවත ලැබී ඇතැයි පැවසේ.

ගොටෝගේ හිස ගසා දැමීම දැක්වෙන බිහිසුණු වීඩියෝවක් ඉස්ලාමික රාජ්‍යය විසින් නිකුත් කර ඇති අතර එහිදී ජිහාජ් ජෝන් ලෙස හඳුන්වාගන්නා බි‍්‍රතාන්‍ය ඌරුවට ඉංග‍්‍රිසි බස වහරන මුහුණ ආවරණය කරගත් ත‍්‍රස්තවාදියා පවසන්නේ මෙම ඝාතනයේ වරද නිමා කළ නොහැකි යුද්ධයක් ආරම්භ කළ ජපාන රජය වෙත පැවරෙන බවයි.

ඔහු විසින් ගොටෝගේ ගෙලට තියුණු පිහියක් තබාගෙන සිටිනු දැක්වෙන අතර පසු රූපරාමුවකදී වෙන් කරන ලද හිසක් සවි කරන ලද මෘතදේහයක් පෙන්වනු ලැබේ.

ජපාන ආරක්‍ෂක අමාත්‍ය ජෙන් නකටානි පවසා ඇත්තේ වීඩියෝව සත්‍ය එකක් වීමේ විශාල ඉඩකඩක් ඇති බවයි. 

ජපාන මාධ්‍යවේදියා හා ඉස්ලාමික රාජ්‍ය අත්අඩංගුවේ පසුවන ජෝර්දාන පළමු ලූතිනන් මාස් අල් කසාස්බේ නිදහස් කරගැනීම සඳහා ඉස්ලාමික රාජ්‍ය ත‍්‍රස්තවාදීන් සමග සාකච්ඡ වල කිසිදු වර්ධනයක් නැතැයි ජෝර්දානයේ අම්මාන් අගනුවර දක්වා පිටත් කර යැවූ ටෝකියෝ රජයේ හදිසි ප‍්‍රතිචාර කණ්ඩායමේ ප‍්‍රධානි යසුහිඬේ ටකායාමා විසින් මින් පෙර මාධ්‍ය වෙත හෙළිකරනු ලැබිණි.

ගොටෝ නිදහස් කිරීමට නම් ජපාන රජය විසින් ඩොලර් මිලියන 200ක වන්දියක් ගෙවන ලෙස මුලින් දැනුම්දී තිබුණද පසුව එය ඉරාක ජාතික බෝම්බකාරියක වන සජිඩා අල් රිෂාවි සමග හුවමාරු කරගැනීමක් දක්වා පසුව වෙනස් වී තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad