සිංහල බෞද්ධ ආකල්ප පෙරටුකොට පංචමහා බලවේගයේ සිතුම් පැතුම්වලට අනුව නිවැරදි දේශපාලන මාර්ගයේ ගමන් කරමින්, ජාතික හෙල උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක මහතාට නිසි ස්ථානයක් ලබා දෙමින්, කටයුතු කරන්නේ නම් ජාතික හෙල උරුමය විසිරුවා හැර, පාඨලී චම්පික රණවක මහතා ඇතුළු හෙල උරුමය ක්‍රියාකාරීන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වීම සඳහා සූදානම් බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ශ්‍රීලනිපයේ වත්මන් නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා ශ්‍රීලනිප ක්‍රියාකාරී මන්ත්‍රීවරුන්ට දන්වා තිබේ.
ශ්‍රීලනිපයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ පලායාමෙන් පුරප්පාඩු වී ඇති ජාතික සංවිධායක ධූරය පාඨලී චම්පික රණවක මහතාටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධූරය රාජිත සේනාරත්න මහතාටත් ලබාදීමට ජනාධිපතිවරයා සහ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව කොන්දේසි විරහිතව එකග වන්නේ නම් හෙල උරුමය විසිරුවා හැර ශ්‍රීලනිපයට එකතු වීමට සූදානම් බව මෙසේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් දන්වා ඇත.
පාඨලී චම්පික රණවක මහතාගේ ජන්ම කේන්ද්‍රයේ ඇති ග්‍රහ පිහිටීම් අනුව 2020 වන විට ඒ මහතා ශ්‍රී ලංකාවේ නායකයා වීම අනිවාර්ය බව පවසා ඇති රතන හිමියන් තමන් වහන්සේගේ යෝජනාවට ඉක්මන් ප්‍රතිචාරයක් ලබාදෙන ලෙස ශ්‍රීලනිපයෙන් ඉල්ලා ඇත.
ඒ අනුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූළස්ථානයේ රැස්වන මධ්‍යම කාරක සභාවට රතන හිමියන්ගේ මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.
– lankanewsweb
Wednesday, January 28, 2015
මීළඟ රාජ්‍ය නායකයා චම්පිකලූ.. හෙළ අරුමය විසුරුවා චම්පික ශ්රීලනිපයට..?
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment