රුසියාව තෙරපීමට ගන්නා උත්සාහයන් සාර්ථක නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 19, 2014

රුසියාව තෙරපීමට ගන්නා උත්සාහයන් සාර්ථක නෑ

වොෂින්ටනය විසින් රුසියාව පීඩනයට ලක්කිරීමට ගන්නා උත්සහයන් සාර්ථක නොවන බව රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්රොව් පවසා ඇතැයි වාර්තා වේ.

ඔහු පවසා ඇත්තේ ඇමරිකාව හා රුසියාව අතර සබඳතා වර්ධනය වන්නේ නම් ඒ සමානාත්මතාවය හා අන්‍යෙන්‍ය අභිලාෂයන් යන පදනමින් පමණක් බවයි.

ලැව්රොව් හා ඇමරිකානු විදේශ ලේකම් ජෝන් කෙරී රෝමයේ ඇමරිකානු තානාපතිවරයාගේ නිවසේදී හමුවූ අවස්ථාවේදී ඔහු මේ අදහස් දක්වා තිබේ.  මෙය විදේශ අමාත්‍යවරුන් දෙදෙනා මේ වසරේ දී හමුවූ 17වන අවස්ථාවද වීම විශේෂත්වයකි.

ලැව්රොව් හා කෙරී නිරිතදිග යුක්රේනය තුළ වත්මන් තත්වය පිළිබඳවද අසහස් හුවමරු කරගෙන ඇතැයි පැවසේ.  රුසියානු විදේශ ඇමතිවරයා අවධාරණය කර ඇත්තේ යුක්රේන අර්බුදය විසඳීම සඳහා මින්ස්ක් හිදී ඇතිකරගත් එකගතා ක‍්‍රියාවට නැංවිය යුතුව ඇති බවයි.

ඊශ‍්‍රායල පලස්තීන අර්බුදය, සිරියානු අර්බුදයට විසඳුමක් සෙවීම සහ ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබඳ අවසන් එකගතාවයකට පැමිණීම ආදී කරුණු පිළිබඳවද දෙපාර්ශ්වයේ අදහස් හුවමාරු කරගෙන ඇතැයි පැවසේ.

මේ අතර පසුගියදා ඇමරිකාව විසින් යුක්රේන නිදහසට සහයෝගය දැක්වීමේ පණතක් සම්මත කළ අතර එමගින් රුසියාවට එරෙහිව සම්බාධක දැඩිකිරීම මෙන්ම ඩොලර් මිලියන 350ක් වටිනා යුධෝපකරණ යුක්රේනය වෙත ලබාදීමටද එකගතාවය පළවිය.

No comments:

Post a Comment

Post Bottom Ad