සිරිසේන ගත්තෙ ආරණ්‍යයෙ වැඩට.. ඒත් දැන් කරන්නෙ ඌරන්ගෙ වැඩ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 19, 2014

සිරිසේන ගත්තෙ ආරණ්‍යයෙ වැඩට.. ඒත් දැන් කරන්නෙ ඌරන්ගෙ වැඩ..

ජනාධිපති අපේක්ෂකයෙකු වන මෛත්‍රීපාල සිරිසේන මහතා මේවන විට ආරණ්‍යයේ වැඩට ගොස් ඌරන්ගේ වැඩ කරන බවත් පොදු විපක්ෂය යැයි කියන කණ්ඩායම කොම්පඤ්ඤවීදියට යාමට ගොස් අවසානයේ මසංගස්වීදියෙන් නැවතී ඇති බවද පවුල් වාදය ගැන කථා කරන චන්ද්‍රිකා වැනි අයගේද පවුල්වාදය දේශපාලනය තුල මුල් බැසගෙන සිටි බවද  සුළු අපනයන භෝග ප්‍රවර්ධන අමාත්‍යරෙජිනෝල්ඩි කුරේ මහතා ප්‍රකාශ කර සිටියේය.

විපක්ෂය තමන් ඇතුළු නිදහස් සන්ධාන ආණ්ඩුවට, දූෂණය වැඩි බව පවසමින් චෝදනා නගන බවද පිඟන් සෝදන විට පිගන් කැඩීමේ ඉඩකඩ ඇති බවත් කළයුත්තේ කැඩුනු පිගන් ගණන ගැන හොයන එක නොව සේදුනු පිගන්වල තත්ත්වය හා ප්‍රමාණය ගැන සොයන එක බවද අමාත්‍ය රෙජිනෝල්ඩි කුරේ මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

හෙතෙම මෙම අදහස් ප්‍රකාශකර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. මෙම මාධ්‍ය හමුව සඳහා ජේෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම සහවිදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් යන මහත්වරුන්ද එක්ව සිටියහ.

මාධ්‍යවේදීන් ඇමතූ අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් කියා සිටියේ සෙසු ලෝකය සමඟ සසඳන විට ලංකාවේ දැන් පවතින ස්ථාවරත්වය ඉතා පැහැදිලි බවත්, එම ස්ථාවරත්වය හිමිවීම අහම්බෙන් උදාවූ එකක් නොවන බවත් ඉතා විශාල පරිශ්‍රමයක, දුෂ්කර මෙහෙවරක ප්‍රතිඵලයක් වශයෙන් අප රටට එම ස්ථාවරත්වය ලැබී ඇති බවත්ය.

මහාචාර්ය ජී. එල් පීරිස් වැඩිදුරටත් මෙසේද පැවසීය.“රට ඉදිරියට යන්න නම් මේ ස්ථාවරත්වය රැකගන්න අවශ්‍යයි. ඒක නැති වුනොත් ලද ජයග්‍රහණයෙන් කිසිම වැඩක් නෑ. විපක්ෂය කියන්නෙ විකල්පයක් මේ රටට ඔනෙ කියලා. අපි අහනවා මෛත්‍රී ඇතුළූ පොදු විපක්ෂයෙන් එයාලා දෙන විකල්පෙ මොකක්ද කියලා. 

13 සංශෝධනය ගැන එතුමගෙ ස්ථාවරත්වය මොකක්ද? උතුරට පොලිස් බලතල දෙනවද එතුමා? මේවා කිසිම පැහැදිලි විනිවිදභාවයක් නෑ. එජාපය, ජවිපෙ, හෙළ උරුමය, ටීඑන්ඒ එක මේ හැමෝගෙම උවමනා එපා කම් ඉටුකරන්න ආණ්ඩුවක් හදන්නෙ කොහොමද. 

ඔවුන්ගේ අවශ්‍යතාවයන් ගිවිසුම් එකකට එකක් විරුද්ධයි, පරස්පරයි. විධායකේ අහෝසි කරනවා කියනවා. විධායකයේ අහෝසි කරන්නෙ කොහොමද තුනෙන් දෙකේ බලයක් නැතුව. මේවා කරන්න බැරි දේවල්. ආසියානුවන්ගේ හැටියක් තමයි පවතින දේශපාලනය තුල වෙනසක් තියෙනවනම් ජනතාව ඒ දේශපාලනයට කැමති. මහින්ද පාලනය තුල ඒක හොඳින් තියෙනවා.“ යනුවෙන්ද හෙතෙම කියා සිටියේය.

ආචාර්ය සරත් අමුණුගම මහතා ප්‍රකාශ කලේ මේ වන විට මහින්ද චින්තන ඉදිරි දැක්ම වැඩ පිළිවලින් 2020 දී සිදු කිරීමට යන දේවල්ද ඇතුලත් කර ඇති බවත් පොදු විපක්ෂයේ එවැනි සැළසුමක් දක්නට නැතිබවත් විකල්ප ආර්ථික දර්ශකයක් ඔවුන්ගේ ප්‍රතිපත්ති රාමුව තුල නොමැති බවත්ය. 

වික්‍රමබාහු ඇතුළු පිරිස පෙඩරල් ආර්ථිකයක් දර්ශකයක් ගැන අදහස් පල කරන අතර රතන හිමි ඇතුළු හෙළ උරුමය පිවිතුරු හෙටක් ආර්ථික දර්ශකයක් ගැන කරුණු ඉදිරිපත් කරන බව සහ ටීඑන් ඒ පක්ෂය වෙනමම ආර්ථික මොඩලයක් පිළිබදව කරුණු පෙන්වන බව හෙතෙම වැඩි දුරටත් මාධ්‍යවේදීන්ට පැහැදිලි කලේය.

“මේ මැතිවරණයෙදී එක ආර්ථික දර්ශකයක් ඇති එක පක්ෂයයි ඉන්නෙ. ඒ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය. මේ රටේ වී නිෂ්පාදනය මේ වන විට වැඩි වෙලා තියෙනවා, පොහොර භාවිතය වැඩි වෙලා තියෙනවා,  ඒවගේම ඇඳුම් සහ රබර් නිශ්පාදනය ආදී සෑම අතකින් ඉති ඉහළ වර්ධනයක් පෙන්නුම් කරනවා. 

ලංකාවේ විදුලිය 2005 වන විට  76% යි තිබුණෙ 2013 වන විට එය 96%ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. 2015 වන විට ලංකාවේ සියයට සියයක්ම විදුලිය ඇති රටක් බවට පත්වෙනවා. ඒ අනුව රටේ සෑම නිවසකටම විදුලිය ලැබෙන බවද ආචාර්ය සරත් අමුණුගම මහතා වැඩිදුරටත් කියා සිටියේය.

– edmediaunit

No comments:

Post a Comment

Post Bottom Ad