මේ පතෝලයාට වඩා එජපායට වෙන කොන්ද තියෙන මිනිහෙක් ඇත්තේම නැද්ද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 19, 2014

මේ පතෝලයාට වඩා එජපායට වෙන කොන්ද තියෙන මිනිහෙක් ඇත්තේම නැද්ද

අද වන විට විපක්ෂෙ පොදු හවුල විකට නාටකයක් බවට පත්වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී එල්ලාවල මේධානන්ද හිමියෝ පවසති.

උන් වහන්සේ විසින් නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ මෙසේය.
‘එ.ජා.ප.ය 1946 ආරම්භ විය.මේ වන විට ආණ්ඩු 8 වරක් පමණ පිහිටුවා ඇත.මෙහි වැදගත් මැති ඇමතිවරුන් සාමාජිකයන් නොඅඩුව සිටින බව රහසක් නොවේ.

අද වන විටද වැදගත් අය නැතැයි කිය හැකිද?එහෙත් අද ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට අපේක්ෂකයෙක් නැත.පොදු අපේක්ෂකයා යැයි විකට නාටකයක් කරළියට ගෙනාවේ ඇත්ත වශයෙන්ම මේ වැදගත් පක්ෂයේ දැන් සිටින කිසිවෙක් සුදුසු නැති නිසාද?

මේ අයට කළ නින්දා අපහාස පක්ෂ ඉතිහාසයේ මේ කළු පැල්ලම කවදාවත් ඉවත් කළ හැකිද?ආත්මගරුත්වය ඇති මන්ත‍්‍රී කෙනෙකුට හෝ සාමාජික සාමාජිකාවකට අභිමානයක් ඇතිව දැන් පක්ෂයේ සිටිය හැකිද?පක්ෂයට මෙයට වඩා නින්දාවක් කළ හැකිද?

අනෙක් අතට පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල මහතා එ.ජා.ප.යට හෝ එහි සාමාජික සාමාජිකාවකට හෝ තඹ දොයිතුවක සේවයක් කර තිබේද?එසේ නම් සාමාජිකයෙකුට ලැජ්ජා නැතිව ගොස් මේ නිකම් මිනිසාට ඡුන්දයක් දිය හැකිද?ජය වේවායි යයි කිය හැකිද?

පෝස්ටරයක් ගැසිය හැකිද?එ.ජා.ප පාක්ෂිකයන්ගෙන් මේ ප‍්‍රශ්නය අසන්නේ පක්ෂය සමග පෙර සිට තිබූ හිතවත්කම නිසාය. ඊළගට පොදු විපක්ෂයේ ප‍්‍රතිපත්ති මොනවාද?කිසිදු දෙයක විනිවිද භාවයක් නැත.මෛත‍්‍රීපාල මහතා විධායක අගමැතිකම රනිල් මහතාට දී විධායක ජනාධිපතිකම අහෝසි කරන බව කියයි.

එවිට තමා කවුද?නිකම්ම පතෝල ජනාධිපතියෙක්ද?මොකක්ද?මේ විගඩම.මේවා කෙරෙන වැඩද?පක්ෂ හා සංවිධාන ගණනාවක් එක්වී පොදු විපක්ෂය හැදී ඇත.මේ සියලූ අංශ එකට එකක් වෙනස් මතවල හා අරමුණුවල සිටී.එසේ නම් අවසානයේ කිසිදු කටයුත්තකට ඒකමතික තීරණයක් ගත හැකිද?

මුළු රටම වියවුලකට වැටී අන්තිමේ රට අරාජික වී මිනීමරු ත‍්‍රස්තවාදය නැවතත් මේ රට බිලි ගැනීම නොවේද සිදුවන්නේ. ඒ නිසා මේ නාටකය නටන හැමට කියන්න තිබෙන්නේ පෞද්ගලික වෛරකම් හෝ පෞද්ගලික අභිමතාර්ථ ඉටු නොවීම නිසා ඇති කරගෙන ඇති විනාශකාරී සිතිවිලිවලින් පෙළී රටත් තමාත් විනාශ නොවී නුවණින් කටයුතු කරන්න කියාය’

පූජ්‍ය එල්ලාවල මේදානන්ද හිමි
පාර්ලිමේන්තු මන්ත‍්‍රී

No comments:

Post a Comment

Post Bottom Ad