ගම්බද තරුණ තරුණියන්ට ගුවන් යානා පුහුණුවට අවස්ථාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 19, 2014

ගම්බද තරුණ තරුණියන්ට ගුවන් යානා පුහුණුවට අවස්ථාව

මෙරට තරුණ තරුණියන්ට හා පාසල් සිසු සිසුවියන්ට ශ‍්‍රී ලංකා ගුවන් සමාගමේ නව ගුවන් සේවා පුහුණු පාසල මගින් වැඩි අවස්ථාවක් ලබාදීමට ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම තීරණය කර ඇත.

සමාගමේ සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ මහතා පවසන්නේ ලාභ ඉපයීම සහ ගුවන් මගීන් රැගෙන යාමට වඩා වැඩි ජාතික මෙහෙවරක් ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම සතුව  ඇති බවත් මෙම ගුවන් සේවා පාසලෙන් අනාගත පරම්පරාව සවිබල ගැන්වීම සදහා අඛණ්ඩව සහයෝගය ද ලබා දෙන බවයි.

මෙමගින් උසස් අධ්‍යාපනයෙන් රැකියා අවස්ථා ලබා ගැනීමට වෙර දරන සිසුන්ට ගුවන් ක්ෂේත‍්‍රයේ රැකියා පිළිබදව නිසි අවබෝධයක් ලබාදීම ද  ගම්බද තරුණ පරපුරට රැකියා අවස්ථා සදහා මාර්ගෝපදේශකත්වය සැපයීමද අරමුණු කරන බවත් ඒ මහතා කීය.

No comments:

Post a Comment

Post Bottom Ad