මීට වසර මිලියන තුන්සීය අසූපහකට පෙර විසූ මයික්‍රෝබ්‍රකියුස් ඩිකි නමැති මත්ස්‍ය විශේෂය බීජ ජනනයෙන් බැහැරව සිය වර්ගයා බෝකිරීම අරඹා තිබේ.
පසුව ලිංගික එක් වීමෙන් බැහැර වී ඇති මත්ස්‍යයන් සිය වර්ගයා බෝ කිරීම සඳහා බීජ ජනනය නැවත ආරම්භ කර ඇති බවයි පර්යේෂණ කණ්ඩායම පවසන්නේ. ඉංග්‍රීසි එල් අකුරට (L) සමාන පිරිමි මත්ස්‍යයාගේ ලිංගය ගැහැණු මත්ස්‍යයාගේ පසුපස පිහිටි අස්ථි කොටසක් සමග එක් වීමෙන් සංසර්ගය සිදු වී ඇති බව පර්යේෂකයෝ සොයා ගෙන ඇත.
එහෙත් මෝර සහ මඬු මත්ස්‍ය විශේෂයන්ගේ මුතුන්මිත්තන් නැවතත් බීජ දැමීමෙන් බැහැර වී සිය වර්ගයා බෝ කිරීම පිණිස ලිංගික සංසර්ගය දක්වා පැමිණීමට තවත් වසර මිලියන ගණනක් ගත විය.
දිගින් සෙන්ටි මීටර අටක් පමණ දිග මයික්‍රෝබ්‍රකියුස් ඩිකි මත්ස්‍යයා ජීවත්වී ඇත්තේ වර්තමානයේ සකොට්ලන්ත සීමාවේ ඇති විලකය.




No comments:
Post a Comment