කරණමෙන් ඉරණම විසඳාගත් පාපන්දු ක්‍රීඩකයා (වීඩියෝව) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 21, 2014

කරණමෙන් ඉරණම විසඳාගත් පාපන්දු ක්‍රීඩකයා (වීඩියෝව)

මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන මිසොරම් ප්‍රමියර් ලීග පාපන්දු තරගාවලියේදී  ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක් සිදුවිය. 

ඒ එම තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකු වන 23 හැවරිදි පීටර් බියාක්සැන්ග්සුලා අවාසනාවන්ත ලෙස මරණයට පත්වීමයි.

චාන්මරී කණ්ඩායම වෙනුවෙන් තමා ලබාගත් ගෝලය කරණමකින් සැමරීමට ගිය පීටර් බියාක්සැන්ග්සුලා,  එම කරණම වැරදීමෙන් ජීවිතක්ෂයට පත්තිබෙනවා. මේ අවාසනාවන්ත මරණය වාර්තා වූයේ ඊයේ (20) දිනයේදීය.

කරණම වැරදීමෙන් අනතුරට පත්වූ පීටර් දින කිහිපයක් රෝහල් ගතව සිට ඇති අතර සුසුම්නාවට සිදුව ඇති බරපතල හානි මෙම මරණයට හේතුව බව වාර්තාවේ.








No comments:

Post a Comment

Post Bottom Ad