සන්ධාන ආණ්ඩුව මහාමෙරු පර්වතය වගෙ – සජිත් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 21, 2014

සන්ධාන ආණ්ඩුව මහාමෙරු පර්වතය වගෙ – සජිත්

සන්ධාන ආණ්ඩුව අද මහාමෙරු පර්වතය වගේ තිබුණද එය කඩා වැටෙන දිනය අත  ළගටම පැමිණ ඇතැයි එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

ඒ මහතා එසේ පැවසුවේ හම්බන්තොට බදගිරිය යහංගල ප‍්‍රදේශයේ ජනතාවට ජලය බෙදා දීමේ අවස්ථාවේ දී පැවති ජනහමුව අමතමිනි.
එහිදී පේ‍්‍රමදාස මහතා මෙසේද ප‍්‍රකාශ කළේය.

‘එකෝමත් එක රටක ජනතාවට නිදහසේ ඉන්න බැහැ.  හැම  තැනම පලකයෝ.  ගස් ගල් යටත් පාලකයෝ.  කසල ගොඩවල් ඇවිස්සුවත් පාලකයෝ.  ජනතා ඉන්නේ පාලකයන්ට සුවපහසු ජීවිතයක් ලබාදෙන්න.  

පාලකයන් ඉන්නේ ජනතාව තලා පෙලා පාලනය කරන්න.  ජන ජීවිතයේ ප‍්‍රශ්න අද දිනෙන් දින් උග‍්‍ර  වෙනවා.  ඒවාට විසදුම් නැහැ.  පාලකයන් තම තමන්ගේ ප‍්‍රශ්න විසදා ගන්නවා මිස ඔවුන්ට ජනතාවගේ ප‍්‍රශ්න විසදන්න වේලාවක් නෑ.

රටේ නොයෙකුත් විෂයන් භාර දෙවි දේවතාවුන් පත් කරන්නේ අර පාලකයන් අතරිනුයි. ඔවුන් අතරින් සමහර මහානුභාවසම්පන්න ඇත්තෝ රැකවලූ දැසිදැස්සන් පිරිවරාගෙන රටේ සැරිසරනවා.  ඒ දිව්‍ය  රථවලට ඉඩදීලා ජනතාව පසකට වී බලා සිටිය යුතුයි.

පසුගියදා උසස් අධ්‍යාපන භාර මුර දේවතාව අතපය දිග හැර සරසවි සිසුන්ට සලකපු ආකාරය අප  දුටුවා.  ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ දෙක නොවන්නට කරන දේ තමන් දන්නා බවත් මේ උණහපුළුවන්ට හා කූඩැල්ලන්ට තමන්ගේ ගමන නැවැත්වීමට බැරි බවත් මේ උත්තමයා කියනවා’

No comments:

Post a Comment

Post Bottom Ad