බයිකර් කල්ලි සාමාජිකයින් ඉස්ලාමික රාජ්‍යට එරෙහිව කුර්දිවරුන් හා එක්ව සටනේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 21, 2014

බයිකර් කල්ලි සාමාජිකයින් ඉස්ලාමික රාජ්‍යට එරෙහිව කුර්දිවරුන් හා එක්ව සටනේ

ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාමික රාජ්‍ය සටන්කාමීන්ට එරෙහිව සටන් වදිමින් සිටින කුර්දි හමුදාවන්ට ජර්මානු බයිකර් කණ්ඩායමක සහයෝගය හිමිව ඇතැයි වාර්තා වේ.

යුරෝපා හා ඇමරිකානු හමුදාවන් පාබල හමුදා මෙහෙයුමක් සඳහා යෙදවීම ප‍්‍රතික්‍ෂේප කර ඇති අතර තම සාමාජිකයින් අයිසිස් සංවිධානයට එරෙහිව සටන් වදින බව මීඩියන් අධිරාජ්‍යය නම් බයික් කණ්ඩායමේ ප‍්‍රධානි කවාන් ඒ සිය ෆේස්බුක් ගිණුම හරහා හෙළි කර තිබේ.

වන විට මීඩියන් අධිරාජ්‍ය සාමාජිකයින් දෙදෙනෙකු පමණ කුර්දි පෙෂ්මෙර්ගා සටන්කාමීන් හා එක්ව යුධ පෙරමුණේ සටන් වදින බව පැවසෙන අතර ඔවුන් සටන්කාමීන් හා එක්ව ගත් ඡයාරූපද සමාජ ජාල තුළ පළ කර ඇත.

ජර්මානු කුර්දිවරුන් පිරිසක් විසින් ගොඩනගා ඇති මීඩියන් අධිරාජ්‍යය බයික් කණ්ඩායම 8වන සියවසේදී නැගෙනහිර තුර්කියේ සිට ඉන්දියාවට සංක‍්‍රමණය වූ පුරාණ ප‍්‍රජාවකගේ නමින් නම් කර ඇතැයි පැවසේ.

නිර්භීත රියදුරු සටන්කාමීන් ලෙස තමන් හඳුන්වාගන්නා මොවුන් පසුගිය අපේ‍්‍රල් හා ජුනි මාසවලදී උතුරු ඉරාකයේ සිරියානු කුර්දි සරණාගතයින්ට ඖෂධ, ආහාර සහ වෙනත් මානුෂීය ආධාර සපයා ඇතැයිද වාර්තා වේ.
කෙසේවෙතත් මේ වන විට ජර්මානු ජාතිකයින් 300ක් පමණ ඉස්ලාමික රාජ්‍යය හා එක්ව සටන් වදින බව හෙළිවී ඇත.

මින් පෙර නෙදර්ලන්ත ජාතික නෝ සරෙන්ඩර් නම් බයික් කණ්ඩායමක සාමාජිකයින් තිදෙනෙකුද ඉරාකයේ මොසුල් ප‍්‍රදේශයේ සටන් වදින කුර්දි සේනාංකයක් පුහුණු කිරීම හා නායකත්වය දෙන බව වාර්තා විය.

No comments:

Post a Comment

Post Bottom Ad