දකුණු අධිවේගය මර උගුලක්, ජනතාව ඉන් ගලවා ගන්නවා – එජාප මන්ත‍්‍රී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 21, 2014

දකුණු අධිවේගය මර උගුලක්, ජනතාව ඉන් ගලවා ගන්නවා – එජාප මන්ත‍්‍රී

දකුණු අධිවේගී මාර්ගය මර උගුලක් යයි එක්සත් ජාතික පක්‍ෂ ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් මාන්නපෙරුම මහතා කියයි.

ඒ මහතා මෙසේ සඳහන් කලේ අධිවේගී මාර්ගයේදී අනතුරකින් පාදයක් ඉවත් කර දින කිහිපයක් රෝහල් ගතව සිට ඉන් පිටත්ව සිය නිවස කරා පැමිණි අවස්ථාවේදීය.

තමන්ගේ මානසික ශක්තිය ඉතා හොඳ තත්ත්වයක ඇති බවද පවසන මන්ත‍්‍රවරයා ඉදිරි අය වැය විවාදයටද තමන් සහභාගි වන බවත් කීය.

දකුණු අධිවේගී මාර්ගය මර උගුලක් බවද කී මන්ත‍්‍රීවරයා තමාට සිදුවූ දේ ජනතාවට නොවීමට ගත හැකි සියලු පියවර ඉදිරියේදී ගන්නා බවත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad