ජෛව තාක්‍ෂණික දැවැන්තයෙකු වන මොන්සැන්ටෝ සමාගම වසරේ අවසාන කාර්තුවේදී ඩොලර් මිලියන 156ක විශාල අලාභයක් වාර්තා කර තිබේ.මිසූරි ප‍්‍රාන්තයේ ශාන්ත ලූයිස්හි පිහිටා ඇති මොන්සැන්ටෝ සමාගමේ අලාභය කොටසකට ශත 31කි.එය බ්ලූම්බර්ග් සහ සැක්ස් ආයෝජන පර්යේෂණ ආයතනය විසින් ගණන් බලා තිබුණු ප‍්‍රමාණයට වඩා කොටසකට ඩොලර් ශත 7ක අලාභයක් බව පැවසේ.
ඇසෝසියේටඞ් ප්‍රෙස් පුවත්සේවය පවසන්නේ අවසන් කාර්තුවේදී පරිසර නඩුවක් සඳහා සමාදාන වීමට ඩොලර් මිලියන 90ක් ගෙවීමට සිදුවීම මෙම විශාල පාඩුවට ප‍්‍රධාන හේතුව බවයි.
එම වන්දි මුදල ගෙවීමට සිදු නොවූයේ නම් අලාභය කොටසකට ඩොලර් ශත 27ක් වනු ඇත. බටහිර වර්ජිනියාවේ මොන්සැන්ටෝ රසායනික කම්හලක් පිහිටුවා තිබූ ස්ථානයක පරිසර හානිය පිරිසිඳු කිරීම සඳහා මෙම වන්දි මුදල ගෙවීමට බලධාරීන්ට සිදුවිය.
මෙවැනි නෛතික ආරවුල් ගණනාවක් මධ්‍යයේ වුවද සිය ජාන වර්ධිත නිෂ්පාදන අලෙවිය පසුගිය මාස 4 තුළ වැඩිකරගැනීමට මොන්සැන්ටෝ සමත්ව ඇතැයි වාර්තා වේ. මේ හේතුවෙන් ඉදිරි වසර ලාභ ඉපයිය හැකි වනු ඇතැයි සමාගමේ ප‍්‍රධාන විධායක හියු ග‍්‍රාන්ට් විශ්වාසය පළ කර තිබේ.
බීජ සිටුවීමට ප‍්‍රමාද වීමෙන් අස්වැන්න අඩු වීම නිසා ඉදිරි කාර්තුවද පාඩු විය හැකි වුවත් 2015 වසර මැද වන විට තත්වයන් යහපත් තත්වයට පත්වනු ඇති බව සමාගමේ අදහසයි.
No comments:
Post a Comment