යුරෝපයේ කොටි තහනමෙන් වාසි වන්නේ රාජපක්‍ෂ රෙජිමයට බවත් මේ හරහා තහන ම්කර ඇති කොටි නායකයන්ගේ වත්කම් ලබා ගත හැකි බවත් එජාප මන්ත‍්‍රී මංගල සමරවීර මහතා පවසයි.
මෙසේ පවසමින් ඔහු විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
2005 දී මා විදේශ ඇමතිවරයා වශයෙන් පත්වන විට එල්ටීටීඊ සංවිධානයේ ශක්තිමත්ම මූල්‍යමය සහ ව්‍යාපාරික ජාලය පවත්වාගෙන ගියේ යුරෝපීය රටවල් කිහිපයක් තුළය.
මීට ප‍්‍රථම ලක්ෂ්මන් කදිරගාමර් ඇමතිවරයා විසින් එල්ටීටීඊ සංවිධානය, ඇමරිකා එක්සත් ජනපදයේත් මහා බි‍්‍රතාන්‍යයේත් තහනමට ලක්කිරීමෙන් පසුව එල්ටීටීඊ සංවිධානය තමන්ගේ සියලූම බැංකු ගිණුම් සහ මහා පරිමාණයේ මුදල් උපයන ව්‍යාපාර ද පවත්වාගෙන ගියේ යුරෝපීය සංගමයට අයත් රටවල් තුළය.
මේ නිසාම මා විසින් විදේශ අමාත්‍යාංශයේ සියලූම නිලධාරීන් එකරැුස්කොට යුරෝපයේ පමණක් නොව අනෙකුත් ප‍්‍රධාන රටවල්වල තනාපතිවරුන්ගේ ද ක‍්‍රියාකාරී දායකත්වය ලබා ගනිමින් එල්ටීටීඊ සංවිධානය යුරෝපීය සංගමය තුළ තහනම් සංවිධානයක් බවට පත් කිරීමට දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කරන ලදී.
යුරෝපීය සංගමයේ ව්‍යාවස්ථාව අනුව ගන්නා ඕනෑම තීන්දුවක් එහි සාමාජික රටවල් සියල්ලම ඒකමතිකව සම්මත කළ යුතු බැවින් මමත් විදේශ අමාත්‍යාංශයේ කාර්යය මණ්ඩලයත් කරන ලද මෙහෙයුමේ ප‍්‍රතිඵලයක් ලෙස එවකට යුරෝපීය සංගමයේ සාමාජික රටවල් 25න් රටවල් 18කගේ ම එක`ගත්වය ලබාගැනීමට හැකිවිය.
මේ තහනම ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යම් දෙගිඩියාවකින් කටයුතු කළ අනෙකුත් රටවල් 7 එකග කරගැනීම සඳහා අපට ඇමරිකා එක්සත් ජනපදයේ සහයෝගය ලබාගන්නට හැකිවිය. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී එම කටයුත්තට විශාල වශයෙන් දායක වූ ඇමරිකාවේ රාජ්‍ය ලේකම්තුමිය වූ කොන්ඩලීසා රයිස් මහත්මියත් නියෝජ්‍ය ලේකම් නිකලස් බර්න්ස් මහතාත් ස්තූතිපූර්වකව සිහිපත් කළ යුතුය.
ඒ අනුව 2006 මැයි 29 වෙනි දින එල්ටීටීඊ සංවිධානය තහනම් සංවිධානයක් වශයෙන් යුරෝපිීය සංවිධානය නිල වශයෙන්ම ප‍්‍රකාශ කරන ලදී. මේ තහනම එල්ටීටීඊ සංවිධානයට මහා පසුබෑමක් වූ අතර මෙම තහනමේ ප‍්‍රතිඵලයක් හැටියට එල්ටීටීඊ සංවිධානය සතු සියලූම වත්කම්, ව්‍යාපාර සහ බැංකු ගිණුම් ‘ගල්’ (Freez) කරන ලදී.
එදා විදේශ අමාත්‍යාංශය විසින් මේ ආකාරයට ලබාගන්නා ලද තහනම අද මෙම රජයට තවදුරටත් පවත්වාගෙන යෑමට නොහැකිවීම විශ්මයට කරුණකි. මාහට ලැබී ඇති තොරතුරු අනුව මේ නඩුව වෙනුවෙන් හෝ ලංකාවේ රජය වෙනුවෙන් හෝ කිසිම නීතීඥයෙකු පෙනීසිට නැත.
අඩුම වශයෙන් මෙම තහනම ඉවත්කිරීමට විරුද්ධව අපගේ තානාපතිවරයාගෙන් හෝ දිවුරුම් ප‍්‍රකාශයක්වත් ඉදිරිපත් කර නොමැත. මෙය මෙසේ සිදුවී ඇත්තේ මෙම රජයේ නොහැකියාව හෝ නොදැනුවත්කම නිසා ද එසේ නැතිනම් සැලසුම්ගත කුමන්ත‍්‍රණයක් අනුවද යන්න සම්බන්ධයෙන් සාධාරණ සැකයක් මතුවනවා ඇත.
එල්ටීටීඊ සංවිධාන තහනම ඉවත්කිරීමේ ඊළග පියවර වන්නේ එල්ටීටීඊ සංවිධානයේ යුරෝපීය රටවල් තුළ පවත්වාගෙන ගිය 2006 සිට මේ දක්වා ‘ගල්’ කර තිබූ සියලූම වත්කම් නැවතත් නිදහස් කිරීමයි. එවිට ඒවායේ පරිපාලන අයිතිය තැවතත් ලැබෙන්නේ එල්ටීටීඊ සංවිධානය විසින් එවිට නම්කර තිබූ නායක මණ්ඩලයේ කිහිප දෙනෙකුට පමණකි.
එල්ටීටීඊ සංවිධානයේ සියලූම නායකයින් 2009 දී ඝාතනය වුවද මේවාට හිමිකම් නිල වශයෙන් ම පෙන්විය හැකි ජීවතුන් අතර සිටින එකම නායකයා වන්නේ එදා කොටි සංවිධානයේ ජාත්‍යන්තර ලේකම් වශයෙන් කටයුතු කළ, 2009 දී ප‍්‍රභාකරන්ගේ මරණයෙන් පසු එල්ටීටීඊ නායකත්වයට නිල වශයෙන් ම පත් වූ කේ.පී. පද්මනාදන් නැමැති කොටි නායකයාට ය.
අද මෙම කොටි නායකයා වර්තමාන රජයේ ප‍්‍රධාන සුරතලෙකු බවට පත්වී ඇති අතර ඔහු අද සුර සැප වි`දින්නේ ද රාජපක්ෂ රෙජිමයේ අනුග‍්‍රහයෙනි. ඔහු හරහා කොටි සංවිධානයේ රත්තරන්, නැව් සහ වෙනත් වත්කම් සම්බන්ධයෙන් සියලූ තොරතුරු මෙම රජය ලබාගෙන ඇති බව ද රහසක් නොවේ.
ඒ අනුව මේ කොටි තහනම ඉවත් කිරීමේ ප‍්‍රධාන වාසිය ලැබෙන්නේ වෙන කාටවත් නොව කේපීටත් කේපී පිටුපස සිටින රාජ්‍ය බලවේගයන්ට බව මම සැක කරමි. යුරෝපීය අධිකරණයට ඉදිරිපත් වී මේ තහනම පවත්වාගෙන යාමට කිසිම උනන්දුවක් දැක්වූවේ නැත්තේ ද කේපී හරහා මේ වත්කම් නැවතත් රජයේ ඇතැමුන්ට ලබාගැනීමට තිබෙන වුවමනාව නිසාද යන සාධාරණ සැකය මේ නිසා මතුවනවා ඇත.
කරුණු මෙසේ තිබියදී රාජපක්ෂ රෙජිමය තමන්ගේ කුමන්ත‍්‍රණකාරී වැඩපිළිවෙළ වසන්කර ගැනීම සඳහා සුපුරුදු කොටි ලේබලය එක්සත් ජාතික පක්ෂයට අලවන්නට තවත් බොළඳ උත්සාහයක යෙදී සිටිනවා.
විශේෂයෙන්ම කොටි සංවිධානයේ ජීවතුන් අතර සිටින කේ.පී, කරුණාඅම්මාන්, පිල්ලෙයාන් වැනි කොටි නායකයන් තමන්ගේ ඔඩොක්කුවේ තබාගෙන සුරතල් කරමින් එක්සත් ජාතික පක්ෂයට ඇගිල්ල දික්කිරීම බුද්ධිමත් ජනතාව පිලිකුල් සහගතව ප‍්‍රතික්ෂේප කරනවා ඇත. රාජපක්ෂ රෙජිමයේ මේ ‘කොටි කතා’ අද ‘බොළඳ කෙටි කතා’ බවට පත්ව ඇත.
මංගල සමරවීර -පා.ම.
එජාප නායකත්ව මණ්ඩල සාමාජික
Tuesday, October 21, 2014
යුරෝපයේ කොටි තහනමේ වාසිය රාජපක්‍ෂ රෙජිමයටයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment