මේ වසරේ ලන්ඩන් සිනමා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සිය කුළුඳුල් නිර්මාණය තෝරා ගැනීම භාග්‍යයක් බව 'දැකල පුරුදු කෙනෙක්' සිනමා සිත්තමේ නිර්මාණශීලීහු පවසති.
එයට ලන්ඩනයේදී ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාරය දිරිගන්වන සුළු බවද ඔවුහු පෙන්වා දෙති.
සිනමා සිත්තමේ අධ්‍යක්ෂ මලිත් හෑගොඩ සහ තිර රචනය කළ බූපති නලීන් වික්‍රමගේ පසුගියදා ප්‍රථම වරට එම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව බීබීසී සංදේශය සමඟින් මේ බව පවසා තිබේ.
"සාමාන්‍යයෙන් බොහෝ වෙලාවට අපේ චිත්‍රපටය තේරෙන්න ඉඩ තිබ්බේ ප්‍රථම අධ්‍යක්ෂණය කියන අංශයට. නමුත් වාසනාවකට අපේ චිත්‍රපටය තිරගත වෙන්නේ ලන්ඩන් චිත්‍රපට උළෙලේ ආන්දෝලනාත්මක චිත්‍රපට කියන අංශයේ," යනුවෙන් බූපති නලීන් වික්‍රමගේ සඳහන් කළේය.
"ඉතින් ඒක අපි හිතනවා අපේ චිත්‍රපටයට කරපු ගෞරවයක් සහ ඇත්තටම බලාපොරොත්තු නොවෙච්ච දෙයක්," යනුවෙන්ද ඔහු පවසා තිබේ.
චිත්‍රපට කර්මාන්තය පිළිබඳව හැදෑරූ සමයේ සිය සිනමාත්මක චින්තනය හැඩ ගැන්වූ සිනමාවේදීන් සිටි යුරෝපයේදීම සිය පළමු නිර්මාණය ප්‍රදර්ශනය කිරීමට ලැබීම ගෞරවයක් ලෙස සලකන බව අධ්‍යක්ෂ මලිත් හෑගොඩ සංවාදයට එක්වෙමින් සඳහන් කළේය.
සිය නිර්මාණයක් විශාල ප්‍රේක්ෂකාගාරයක ප්‍රදර්ශනය කෙරුණු පළමු වතාව මෙය බව කියා සිටි බූලිත වික්‍රමගේ, ලාංකීය සහ විදේශීය රසිකයන්ගෙන් පිරී තිබුණු ලන්ඩන් ප්‍රදර්ශනයෙන් අනතුරුව එහි තේමාව විවේචනාත්මක අගය කිරීමකට ලක්වීම පිළිබඳව තමන් 'උද්දාමයට පත්ව' සිටින බවත් පවසයි.
'දැකල පුරුදු කෙනෙක්' සමකාලීන ශ්‍රී ලංකා සමාජයේ මධ්‍යම පාන්තික පවුලක විවාහ සංස්ථාවේ මතුවන අර්බුදයක් හුවා දක්වන සිනමා පටයක්.
සමාධි ලක්සිරි, බිමල් ජයකොඩි, ජගත් මනුවර්ණ, ලක්ෂ්මන් මෙන්ඩිස්, චමිලා පීරිස්, කෞෂල්‍යා ප්‍රනාන්දු, දයාදේව එදිරිසිංහ, ප්‍රසන්න මහගමගේ, දිල්ෂානි පෙරේරා සහ ළමා නිළි කුශෙන්යා සයුමි ෆොන්සේකා රංගනයෙන් දායක වන මෙම චිත්‍රපයේ කැමරාකරණය එම්. ඩී. මහින්දපාල ගෙනි. ලාල් හෑගොඩ, රසංග දිසානායක, මොහොමඩ් ඇඩමලි සහ නදිරා ඇඩමලි මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත.
"මම හරි මලිත් හරි අපි දෙන්නම යුද්ධය හෝ ජාතික දේශපාලනය මෑතකදී මුහුණ දීපු ගැටළු තියෙන පරිසරයක පිට අත්දැකීම් නැහැ. ඒ නිසා අපි හිතුව අපේ පළවෙනි ප්‍රකාශනය ඇත්තටම අපේ ජීවිතේ සහසම්බන්ධ අත්දැකීම් තියෙන වපසරියක් අපි තෝරාගන්න ඕන කියල," යනුවෙන්ද බූලිත නලීන් වික්‍රමගේ වැඩිදුරටත් පැවසීය.
'දැකල පුරුදු කෙනෙක්' දෙවැනි වතාවටත් සඳුදා ලන්ඩන් සිනමා උළෙලේ ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.
Monday, October 13, 2014
“දැකල පුරුදු කෙනෙක් “ ලන්ඩනය හොල්ලයි
Tags
# කලා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
කලා පුවත්
Labels:
කලා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)



No comments:
Post a Comment