එක්සත් ජාතික පක්‍ෂ මතුගම ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රිනී අමිතා නාලිනීගේ මන්ත‍්‍රී ධූරය පිළිබද තීරණයක් ගැනීමට කළුතර දිස්ත‍්‍රික් තේරීම් භාර නිලධාරිවරයා වෙත දැනුම් දීමට පියවර ගන්නා බව සභාවේ සභාපති එල්.ජී ලියනාරච්චි මහතා පවසයි.මන්ත‍්‍රීවරිය සභා වාර තුනක් නොදන්වා එකදිගට නොපැමිණීම නිසා මෙම තත්වය මතුව ඇතැයි සභාපතිවරයා කියයි.
මන්ත‍්‍රීවරි කළුතර දිස්ත‍්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාගේ බිරිද වන අතර ඇය අසනීපයෙන් පසුවීම නිසා සභා වාර කීපයකට නොපැමිණෙන බව දැනුම් දීමෙන් නිවාඩු අනුමත වී තිබිණද ඉන් පසුවද ඇය දිගින් දිගටම සභාවට නොපැමිණි බව සභාපතිවරයා කියයි.
No comments:
Post a Comment