අවුරුදු පාටියට ගිහින් සූර්වී එද්දි ඩෝසරය පෙරැළී රියැදුරු මරුට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 18, 2014

අවුරුදු පාටියට ගිහින් සූර්වී එද්දි ඩෝසරය පෙරැළී රියැදුරු මරුට

මැදවච්චිය පූනෑව මුස්ලිම්හල්මිල්ලෑව වැව් බැම්ම මතින් වැටී ඇති මාර්ගයේ ගමන් කළ ඩෝසරයක් පෙරළී යාමෙන් එහි රියදුරු මියගොස් ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි.

පෙරේදා(16) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ කරදිකීරගම මහවෙල පදිංචි එම්. උපතිස්ස බණ්ඩා නමැති 55 හැවිරිදි පුද්ගලයෙකු බව මැදවච්චිය පොලිසිය පවසයි.

අවුරුදු සාදයකට සහභාගි වී බීමතින් ඩෝසරයේ නැගී එමින් සිටියදී ඩෝසරය වැව් බැම්මෙන් පහළට පෙරළී ඩෝසරයට යටවීමෙන් මෙම මරණය සිදුව ඇතැයිද පොලිසිය පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad