මාකේස් සමුගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 18, 2014

මාකේස් සමුගනී

නොබෙල් සම්මානලාභී කොලොම්බියානු ලේඛක ගේබ්‍රියෙල් ගාර්සියා මාකේස් මෙක්සිකෝවේදී අභාවප්‍රාප්ත විය. 

මියයන විට 87 වන වියේ පසුවූ ඒ මහතා ස්පාඤ්ඤ භාෂාවෙන් ලේඛනයේ යෙදුණු ලොව සුපතළ ශ්‍රේෂ්ඨ ලේඛකයෙකි.

හෙතෙම ලියූ ශ්‍රේෂ්ඨතම කෘතිය ලෙස සැලකෙන්නේ ඉන්ද්‍රජාලික යථාර්ථවාදී රීතියෙන් ලියූ 'සියවසක් හුදෙකලාව' නමැති කෘතියයි. ලොව පුරා මිලියන 30කට වඩා එහි පිටපත් අලෙවි වී ඇති අතර 1982දී ඔහුට සාහිත්‍යය පිළිබඳ නොබෙල් ත්‍යාගය පිරිනැමිණි.

ඔහු විසින් රචිත නව කථා අතර ‘‘ලව් ඉන් ද ටයිම් ඔෆ් කොලරා, දි ඔටම් ඔෆ් ද පේට්රියාච්, වන්හන්ඩ්‍රඩ් ඉයර්ස් ඔෆ් සොලටියුඩ් ‘‘ වඩාත් ජනප්‍රිය විය. කොලොම්බියානු ජාතික මාකේස් තම කෘති තුළින් ලතින් ඇමරිකානු ජීවිතයේ සුන්දරත්වය ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාව අතරට ගෙන ගියේය.

ඔහුගේ සියවසක් හුදෙකලාව කෘතිය පමණක් ලොව පුරා භාෂා 30කට වැඩි ප්‍රමාණයකට පරිවර්තනය වී තිබේ.

හිටපු කියුබානු ජනාධිපති පිදෙල් කස්ත්‍රෝගේ සමීපතම මිතුරෙකු වූ හෙතෙම , ලතින් ඇමරිකාවේ වාමාංශික සාහිත්‍යකරුවන් සහ දේශපාලන නායකයන් සමග සමීප සබඳතාවක් පැවැත්වූ අයෙකි‍.

No comments:

Post a Comment

Post Bottom Ad