ගාල්ලේ ධීවරයන්ට පීසීආර් අනිවාර්යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 10, 2020

ගාල්ලේ ධීවරයන්ට පීසීආර් අනිවාර්යයි

ගාල්ලේ ධීවරයන්ට පීසීආර් අනිවාර්යයි

ගාල්ල දිස්ත්‍රික්කයේ ධීවර කාර්මිකයින් එක් පී.සී.ආර් පරීක්ෂණයකට හෝ අනිවාර්යෙන්ම ලක් විය යුතු බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුවකේ සිංගාරච්චි මහතා පවසයි.

ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සෞඛ්‍ය අංශ මඟින් සලසා ඇති බව ද හෙතෙම කියයි.
 
පී.සී ආර් පරීක්ෂණවලට ලක් නොවන ධීවර කාර්මිකයින් ධීවර වරායන් තුළට ඇතුළු වීම නුසුදුසු බවට තමන් නිර්දේශ කරන බව ද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පෙන්වා දෙයි.

එම පරීක්ෂණ කර ගැනීමට නොහැකි වූ ධීවර කාර්මිකයින් සඳහා පී.සී.ආර් පරීක්ෂණ කරගැනීමට ගාල්ල ධීවර  වරාය තුළ නිත්‍ය සෞඛ්‍ය කණ්ඩායමක් දින පහක කාලයක් රඳවා තැබීමට කටයුතු කරන බව ද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
 
පී. සී. ආර්. පරීක්ෂණ පැවැත්වීමේදී ධීවර ප්‍රජාව සඳහා ප්‍රමුඛතාවය ලබා දී ඇති බව පවසන ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා ඇතැම් ධීවරයන් එම අවස්ථාවෙන් ප්‍රයෝජන නොගන්නා බවද හෙතෙම පෙන්වා දෙයි.

ඉදිරියේ දී ධීවර සංගම් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ධීවර කාර්මිකයින්ගේ තොරතුරු ලබාගෙන පී.සී.ආර්. පරීක්ෂණ වලට ලක්නොවු ධීවර කාර්මිකයින් සඳහා එම පරීක්ෂණ කරන බව ද හෙතෙම පවසයි.
 
මේ වන විට ගාල්ල, රත්ගම, වැල්ල, දොඩන්දූව, ඡාකොටුවැල්ල, හික්කඩුව යන ස්ථාන වල ධීවර ප්‍රජාවගේ දෙවැනි පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.

  • කොරෝනා

No comments:

Post a Comment

Post Bottom Ad