බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිලධාරීන් 21ට කොරෝනා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 10, 2020

බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිලධාරීන් 21ට කොරෝනා

බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිලධාරීන් 21ට කොරෝනා

බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිරෝධායනය වෙමින් සිටින පොලිස් නිලධාරීන් 21 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ (9) ලැබුණු පී.සී.ආර්. පරීක්ෂණවලින් තහවුරු වන බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.

බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවල සේවය කරමින් සිටියදී කොරෝනා රෝගීන්ගේ සමීපතම ආශ්‍රිතයින් ලෙස සලකා  මෙම නිලධාරින් නිරෝධයන ක්‍රියාවලිය සඳහා යොමු කර තිබුණි. පෙරේදා දින  ද එක් කොරෝනා ආසාදිතයෙකු මෙම පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් වාර්තා වීමත් සමග  බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිරෝධායනය වෙමින් සිටින 91 කෙනෙකුගෙන් මේ වන විට 21 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

කොරෝනා ආසාදනය වූ පොලිස් නිලධාරීන් කහගොල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රැගෙන ආ බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad