කොරෝනාවෙන් රට බේරා දෙන්නැයි විශේෂ දේව පූජාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 10, 2020

කොරෝනාවෙන් රට බේරා දෙන්නැයි විශේෂ දේව පූජාවක්

කොරෝනාවෙන් රට බේරා දෙන්නැයි විශේෂ දේව පූජාවක්

මාරාන්තික කොරෝණා වෛරසයෙන් උතුරු පලාත ඇතුලු ශ්‍රීලංකාවේ වෙසෙන ජනතාව බේරා දෙන්නැයි දෙවියන්ට කන්නලව් කරමින් විශේෂ දේව මෙහෙයක්  යාපනයේදී පැවත්වුණි.

යාපනය හින්දු පූජක සංගමය වසින් එම මණ්ඩපයේදී මෙම විශේෂ දේව මෙහෙය පැවත්වූ අතර දේව මෙහෙය වෙනුවෙනකෛාරෝණා අවධානම නිසාවෙන් ජනතාව සහභාගී ‍නොවූ අතර හින්දු පූජකවරුන් පමණක් සහභාගී වී සිටියහ.

යාපනය ඇතුලු උතුරු පලාතෙම ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් ආරක්ෂාකාරීව ජීවත්වීමට අවස්ථාව උදාකරගත යුතු බවටත් උතුරු පලාතට මෙන්ම රට පුරම් ජීවත් වන වැසියන්ට සෙත් පතා මෙම දේව මෙහෙය සිදු කල බවට යාපනය හින්දු පූජක සංගමය වැඩිදුරටත් පැවසීය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

  • කොරෝනා

No comments:

Post a Comment

Post Bottom Ad