කොරෝනාවලට ගොඩ වෙදකම් තහනම් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 11, 2020

කොරෝනාවලට ගොඩ වෙදකම් තහනම් කරයි

කොරෝනා වෛරසය ආසාදනව වූවන් සඳහා වෛද්‍ය විද්‍යාත්මකව අනුමත කර නොමැති ප්‍රතිකාර ක්‍රම හෝ කෙම් ක‍්‍රම පොලිස් ස්ථාන වල හෝ කාර්යාල වල ක්‍රියාත්මක කිරීම සම්පූර්ණයෙන්ම නවත්වන්නැයි නියෝග කරමින් පොලිස්පති සී.ඩී. වික්‍රමසිංහ මහතා විසින් විශේෂ දැනුම් දීමත් සියලුම පොලිස් ස්ථානවලට කර තිබේ.

මීට එරෙහිව ක්‍රියා කරන නිලධාරීන්ට එරෙහිව නිරෝධායනය නීතිය ක්‍රියාත්මක කරන බවද අවධාරණය කර ඇත.

වැඩ බලන පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති විශේෂ පණිවුඩයේ සඳහන් වන්නේ වෛරසය ආසාදනය වූ නිලධාරීන්ට විවිධ පුද්ගලයන් විසින් හඳුන්වා දෙනු ලබන විවිධාකාර ප්‍රතිකාර සහ කෙම් ක්‍රම භාවිතා කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.

කිසිවෙකු විසින් එවන් ප්‍රතිකාර ක්‍රමයක් හෝ ප්‍රතිශක්ති වඩවන ඖෂධයක් ලබා දෙන්නේ නම් ඒ පිළිබඳව පොලිස් රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට කටයුතු කළ යුතු බවද නිවේදනයේ දැක්වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad