
උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 300ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ වයඹ පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ත් 150ත් අතර තද වැසි ඇතිවිය හැකි බවයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවිය හැකි අකුණු අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.
ගතවූ පැය විසි හතරේ වැඩිම වර්ෂාපතනය මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය ප්‍රදේශයෙන් වාර්තාවන අතර, එය මිලිමීටර 287 ක්.
ඊට අමතරව අලම්පිල් ප්‍රදේශයට මිලිමීටර 205 ක සහ ත්‍රිකුනාමල දිස්ත්‍රික්කයේ ගෝමරන්කඩවල ප්‍රදේශයට මිලිමීටර 130 ක වර්ෂාපතනයක් ඇදහැලී තිබේ.
එමෙන්ම කොළඹ සිට පුත්තලම, මන්නාරම සහ කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 70 ත් 80 ත් දක්වා ඉහළ යා හැකියි.
No comments:
Post a Comment