සහල් මිල පාලන ගැසැට්ටුව ගැහුවේ බත් කන එවුන් නොවේ – ජාතික ගොවිජන එකමුතුව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 5, 2020

සහල් මිල පාලන ගැසැට්ටුව ගැහුවේ බත් කන එවුන් නොවේ – ජාතික ගොවිජන එකමුතුව

ඊයේ දින නිකුතු කළ සහල් මිල පාලන ගැසට්ටුව මගින් සමස්ථ සහල් කර්මාන්තය සහ වී ගොවිතැන කඩා වැටෙන බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි. අංක ගණිතය කෙසේ වෙතත් මොළේ කළඳක් ඇති එකකුට රු. 50 ට වී මිලදී ගෙන රු. 94 ට තම්බපු හාල් දෙන්න බැහැ යනුවෙන් ආවේගාත්මක අදහස් දැක්වූ ඔහු තවදුරටත් සඳහන් කළේ ආණ්ඩුව තුළ සිටින ආර්ථික ඝාතකයින් සහ කොමිස් කාක්කන් මෙම කුමන්ත්‍රණය පිටුපස සිටින බවය.

කෝවිඩ් වසංගතය පිට දමා එසේ හාල් මිල අඩු කළ විට වෙළඳපොළේ සහල් හිඟයක් ඇතිවන බැවින් සහල් ආනයනය කිරීමට ඉඩ ලැබෙන බව ඔහු පවසයි.

තවදුරටත් චෝදනා කළ ඔහු සඳහන් කළේ රිෂාඩ් බදිඋදීන් වෙළඳ ඇමතිව සිටි සමයේදී ආනයනික සහල් මෙ.ටො 1 කට ඩොලර් 100 ක කොමිස් ගත් බවට චෝදනා එල්ල වූ බවය.

ඒ අනුව වර්තමාන වෙළඳ ඇමතිගේ උනන්දුව කුමක්දැයි පැහැදිළි වන බවද ඔහු කියයි.


No comments:

Post a Comment

Post Bottom Ad