ඉඩම් කොමසාරිස් ජෙනරාල්වරයා විසින් 2020/11/10 දින නිකුත්කොට ඇති චක්‍රෙල්ක අංක 2020/18 මඟින් මීට පෙර 5/2001 චක්‍ර ලේඛය මඟින් අවශේෂ කැලෑ ලෙස නම්කොට ආරක්ෂා කළ අක්කර ලක්ෂ 7 කට අධික ඉඩම් ප්‍රමාණයක් ප්‍රාදේශීය ලේකම් වරුන්ගේ බල අධිකාරියට යටත් කෙරේ.
ඒ අනුව එම ඉඩම් දේශපාලන ඉල්ලීම් මත මහා සමාගම් වලට සහ ජාවාරම්කාරයින්ට බෙදා දීමට හැකියාව ලැබෙන බව පරිසරවේදීහු පවසති.
ලංකා ලීඩ් වෙත එම චක්‍රෙල්ඛය ලබා දුන් නම සඳහන් කිරීමට අකමැති නීතිඥවරයෙකු වන පරිසරවේදියෙකු සඳහන් කළේ මෙම චක්‍රෙල්ඛය මඟින් මහා පරිමාන ඉඩම් කොල්ලයකට අවස්ථාව ලැබෙන බවය.
එම ක්‍රියාවලියට පහසුකම් සැලසීම සඳහා හිටපු කොමසාරිස්වරිය ඉවත්කොට අනුරාධපුර ප්‍රදේශයේ ඉඩම් කොල්ලයක් පිළිබඳ චෝදනාවට ලක්ව සිටින නිලධාරියෙකු ඉඩම් කොමසාරිස්වරයා ලෙස පත්කොට ඇති බවටද ඔහු චෝදනා කරයි.
අනුරාධපුර නුවරවැව ආශ්‍රිතව ඉඩම් කොල්ලයක් පිළිබඳ තමා සතුව තොරතුරු ඇතැයි ද ඔහු පවසයි.

No comments:
Post a Comment