
එළඹෙන නොවැම්බර් 17 වැනිදා 2021 වර්ෂය සඳහා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ වන විට ඉදිරිපත් කොට තිබෙන අය වැය විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2021 වර්ෂය සඳහා සදහා දේශිය හා විදේශිය රුපියල් ට්‍රිලියන 2.9 ක ණය ලබා ගැනීමට අවසර හිමිව තිබේ.
එය මෙරට රාජ්‍ය ආදායම මෙන් දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකි.
අයවැය විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2021 වර්ෂය සඳහා රජයේ වියදම ලෙස රුපියල් බිලියන 2678 ක් ඇස්තමේන්තු කර තිබේ.
ජනතාව ජීවත් කරවීම රජයේ ප්‍රමුඛ අවශ්‍යතාවය හෙයින් ණය ගැනීම හැර වෙන විකල්පයක් මේ මොහොතේ නොමැති බව ආර්ථික විද්වතුන්ගේ මතය වී තිබේ.
මෙම තත්ත්වයෙන් මිදීම සඳහා පොලී අනුපාත අඩු ආධාර ලබා ගැනීම සහ වැඩි ආයෝජන අවස්ථා මෙරටට ලබා ගැනීම විකල්පය ලෙස ද ආර්ථික විද්වතුන් පෙන්වා දෙයි.
මේ මොහොතේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ විශාල බලාපොරොත්තු තබා ගැනීමට නොහැකි බවටද ආර්ථික විද්වතුන් අනතුරු අඟවයි.
No comments:
Post a Comment