යෝෂිත රාජපක්‍ෂ අගමැති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ලෙස පත් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 16, 2020

යෝෂිත රාජපක්‍ෂ අගමැති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ලෙස පත් කරයි

ගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයේ ප‍්‍රධානියා ලෙස පත් කර තිබේ.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය විසින් නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වෙන්නේ අග‍්‍රාමාත්‍ය කාර්ය මන්ඩලයෙ ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා මෙරට වැඩබලන චීන තානාපතිවරයා මහතා හමුවී සාකච්ඡා කළ බවයි.

පසුගියදා මෙරට සංචාරයක නිරත වූ චීනයේ ඉහළ පෙළේ දූත පිරිස සහ ශ්‍රී ලංකා නායකයන් අතර පැවත්වූ සාකච්ඡාව ගැනද දෙරට අතර ද්වීපාර්ශීය මිත්‍රත්වය ගැන ද මෙම හමුවේ දී සාකච්ඡා කළ බවද එම සටහනේ දැක්වේ. 


No comments:

Post a Comment

Post Bottom Ad