කොරෝනා ඇරඹුණේ චීනයේ වයිරස රසායනාගාරයෙන් – චීන විද්‍යාඥවරියක් අනාවරණය කරයි..චීනය කැළඹේ ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 16, 2020

කොරෝනා ඇරඹුණේ චීනයේ වයිරස රසායනාගාරයෙන් – චීන විද්‍යාඥවරියක් අනාවරණය කරයි..චීනය කැළඹේ !

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය, චීනයේ වූහාන් නුවර වයිරස රසායනාගාරයෙන් කාන්දු වී පැතිරුණැයි චීන විද්‍යාඥවරියක කළ ප්‍රකාශයක් මේ වනවිට ආන්දෝලනයට හේතුවක් වී තිබෙනවා. ආචාර්ය ලී මැන්ග් යැං නමැති මෙම විද්‍යාඥවරිය මෙසේ පවසා ඇත්තේ බ්‍රිතාන්‍ය රූපවාහිනී නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනුයි.

ආචාර්ය ලී මැන්ග් යැංගේ ප්‍රකාශය මේ වනවිට චීන රජයේ දැඩි විරෝධයට හේතුවක් වී තිබෙනවා.චීන ජාතිකයකු වුවත් ආචාර්ය ලී මැන්ග් යැං හොංකොං හි පදිංචිකාරියක් වනවා.

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ආරම්භය සහ ව්‍යාප්තිය සිදුවූයේ, හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමිනුයි.

චීන රජයේ වයිරස රසායනාගාරය පිහිටා ඇත්තේ ද වූහාන් නුවරයි.වයිරසය එම රසායනාගාරයෙන් සමාජයට කාන්දු වුණැයි ඇමෙරිකා බුද්ධි අංශ පවා චෝදනා කර ඇති අතර චීන රජය එම චෝදනා ප්‍රතික්ෂේප කරනවා.


No comments:

Post a Comment

Post Bottom Ad