ඉදිකිරීම් පිළිබඳ සොයාබැලීමට පත් කල විශේෂඥ කමිටුව විසින් මහනුවර නගරයේ ඇති අවදානම් හා නිතී විරෝධී ඉදිකිරීම් සියල්ල මේවනවිට හඳුනාගෙන අවසන් කර තිබේ.
ඉංජිනේරුවරුන් 21 දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුව විසින් තමන් සිදුකරනු ලැබූ අධ්‍යයනයේ වාර්තාවද මේ වන විටත් ලබා දී තිබේ.
ඒ අනුව අදාල සියලු ඉදිකිරීම් සම්බන්ධයෙන් යළි පූර්ණ විමර්ශණයක් සිදු කිරීමටත් ඒවායේ ඇති අවදානම ඉවත් කිරීමට ගත හැකි පියවර ක්ෂණිකව අනුගමනය කිරීමටත් නියමිතය.
ඒ අනුව පළමු පියවර ලෙස අදාල ඉදිකිරීම් හිමි පුද්ගලයින්ට ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහය නොමිලේ ලබා දෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ පැවසීය.
මහනුවර බූවැලිකඩ ප‍්‍රදේශයේ සිදුවූ 5 මහල් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවසන් වාර්තාව සඳුදා ලැබෙන බව වාර්තා වේ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පැවසුවේ කඩා වැටුණු අදාල ගොඩනැගිල්ල ඉදිකිරීමේදී හා යළි සංවර්ධනය කිරීමේදී කිසියම් වංචනික ක‍්‍රියාවක් සිදුව ඇත්දැයි පුළුල් විමර්ශණ කි‍්‍රයාත්මක බවයි.
මහනුවර බූවැලිකඩ ප‍්‍රදේශයේ 5 මහල් ගොඩනැගිල්ලක් ඉකුත් දා ඒ අසල පිහිටි කුඩා හෝටලයක් මතට කඩා වැටීමෙන් එහි සිටි මාස එකහමාරක බිළිඳියකට, හා ඇයගේ මව්පියන්ට දිවි අහිමි විය.
No comments:
Post a Comment