පොලීසිය විශේෂ මෙහෙයුමක් අරඹයි - පැය 24න් 400ක් අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 26, 2020

පොලීසිය විශේෂ මෙහෙයුමක් අරඹයි - පැය 24න් 400ක් අත්අඩංගුවට

පොලීසිය විශේෂ මෙහෙයුමක් අරඹයි - පැය 24න් 400ක් අත්අඩංගුවට

ගතවූ පැය 24ක කාලය තුළ බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් විවි‍ධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 400කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතරින් පුද්ගලයින් 330 දෙනෙකු මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා අත්අඩංගුවට ගෙන ඇත.

වෙනත් වැරදිවලට සම්බන්ධ පුද්ගලයින් 72 කු ද අත්අඩංගුවට පත්ව තිබේ.

එහිදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් 143 දෙනෙකු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 108 යි මිලිග්‍රෑම් 48 ක් පොලිස් භාරයට ගෙන තිබේ. 

මේ අතර බොරැල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී කොකේන් ග්‍රෑම් 36 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad