අකාර්යක්ෂම සේවාව වෙනුවෙන් නිවාස සංවර්ධන අධිකාරියේ නාරාහේන්පිට කාර්යාලයේ දේපළ අංශයේ කළමනාකරු සහ කොළඹ දිස්ත්‍රික් කළමනාකාරවරිය වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබේ.
ඒ, එම අධිකාරියේ විගණන අංශයේ පරීක්ෂණ කමිටුවක් මගින් සිදුකළ මූලික විමර්ශනයකින් අනතුරුවයි.
පෙරේදා (23) දිනයේදී ජනාධිපතිවරයා නාරාහේන්පිට නිවාස සංවර්ධන අධිකාරියේ කාර්යාලය වෙත ගියේ එහි කටයුතු කාර්යක්ෂමව සිදුනොවන බවට ලැබුණු මහජන පැමිණිලි සැලකිල්ලට ගනිමිනි.
නිවාස සංවර්ධන අධිකාරිය තුළ නිලධාරීන් හිඟයක් පවතින බවට ජනාධිපතිවරයා හමුවේ අදාළ ස්ථාන මාරු ලැබූ කළමනාකාරවරියක ප්‍රකාශ කර තිබිණි.
එහෙත් එවැනි නිලධාරීන් හිඟයක් එම කාර්යාලය තුළ නොමැති බව නිවාස සංවර්ධන අධිකාරියේ ආරංචි මාර්ග පැවසීය.
මේ අතර, අද (25) දිනයේ නිවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
එහිදී අදාළ පරීක්ෂණ කමිටුව සිදුකළ විමර්ශනයේ වාර්තාවද සාකච්ඡාවට ගැනේ.
No comments:
Post a Comment