පළාත් සභා සුදු අලියකු බව හිටපු පළාත් සභා මහ අමාත්‍යවරයෙකු වන චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේ කළ කතාවක දී තහවුරු වී තිබේ.
ඌව පළාත් හිටපු මහ ඇමතිවරයා වන දසනායක මහතා පසුගිය මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කොට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇති අතර ඔහු පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කළේ තමන් මහ ඇමැති ධූරය දරන සමයේ ඌව පළාත් සභාවට වාර්ෂික රුපියල් බිලියන 23ක ප්‍රතිපාදන ලැබුණු බවත් ඉන් රුපියල් බිලියන 18ක්‌ම පුනරාවර්තන වියදම් සඳහා වැය වූ බවත්ය.
එනම් ප්‍රතිශතයක් ලෙස 78%ක මුදලකි.
ඒ පළාත් සභාවේ සේවකයන්ට වැටුප් ගෙවීම, ගොඩනැගිලි හා වාහන නඩත්තුව ආදී කටයුතු සඳහාය.
පළාත් සභාවෙන් ජනතාව වෙත සපයන සේවාවන් සඳහා ඉතුරු වූයේ රුපියල් බිලියන 5ක් එනම් රුපියල් මිලියන 5000 ක පමණ මුදලක් බවද ඔහු පෙන්වා දෙන ලදී.
No comments:
Post a Comment