නරි මඩින්ට විශේෂ කණ්ඩායමක් - දැනුම් දෙන්න විශේෂ අංක දෙකක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 25, 2020

නරි මඩින්ට විශේෂ කණ්ඩායමක් - දැනුම් දෙන්න විශේෂ අංක දෙකක්

නරි මඩින්ට විශේෂ කණ්ඩායමක් - දැනුම් දෙන්න විශේෂ අංක දෙකක්

කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය ප්‍රදේශයට නරි උවදුර නිසා ඇති විය හැකි ජලභීතිකා රෝගයෙන් ප්‍රදේශවාසීන් බේරා ගැනීම සඳහා විශේෂ කණ්ඩායමක් යොදවා ඇති බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සි.බි රත්නායක මහතා එම ප්‍රදේශයේ ජනතාවට දැනුම් දෙයි.

ඊට අදාළ තොරතුරු බලධාරීන් වෙත ඉතා කඩිනමින් දැනුම් දීම සදහා 1992 හා 1991 යන ක්ෂණික ඇමතුම් අංක දෙකක්ද ප්‍රදේශවාසීන් වෙත හඳුන්වා දී තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

විශේෂයෙන්ම බල්ලන් විසින් නරියන් හපා කෑම මෙන්ම නරියන් විසින් ප්‍රදේශවාසීන් සපාකෑම් මත ව්‍යාප්ත විය හැකි ජලභීතිකා රෝගය මර්දනය කිරීම එම කණ්ඩායමේ ප්‍රධාන අරමුණ බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad