ජනපති නිවාස අධිකාරි කාර්යාලයට කඩා පනී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 24, 2020

ජනපති නිවාස අධිකාරි කාර්යාලයට කඩා පනී..

නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හදිසි නිරීක්ෂණයට ලක් වෙයි. සේවා ලාභියෙකු කළ පැමිණිල්ලකට අනුව ජනාධිපතිතුමා 23 පස්වරුවේ කාර්යාලය වෙත ගියේය.

රාජකාරි අවශ්‍යතාවක් සඳහා අවස්ථා ගණනාවක දී පැමිණිය ද එය ඉටු කිරීමට නිලධාරීන් අපොහොසත්ව ඇති අතර කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවන බව පවසමින් සේවා ඉටු නොකරන බව පැමිණිලිකාරිය සඳහන් කරයි.

කාර්යාලය අධීක්ෂණය කළ ජනාධිපතිතුමාට ප්‍රමාණවත් සේවක පිරිසක් එහි සිටින බව නිරීක්ෂණය විය.

සේවා ලබා ගැනීමට පැමිණි අබාධිත පුද්ගලයෙකු දැඩි අපහසුතාවට පත්වී සිටි අයුරු දුටු ජනාධිපතිතුමා ඔහුගේ අවශ්‍යතාව සහ තොරතුරු විමසීය.

මහජන අවශ්‍යතා කාර්යක්ෂමව හා නොපිරිහෙලා ඉටු කිරීම රාජ්‍ය සේවකයන්ගේ මූලික වගකීම බව කාර්ය මණ්ඩලය හමු වූ ජනාධිපතිතුමා අවධාරණය කළේය.

– ජනාධිපති මාධ්‍ය ඒකකය 

No comments:

Post a Comment

Post Bottom Ad